රස බැලිය හැකි තිරයකින් යුතු රූපවාහිනියක් ජපානයෙන් නිපදව​යි

රස බැලිය හැකි තිරයකින් යුතු රූපවාහිනියක් ජපානයෙන් නිපදව​යි

Meiji විශ්ව විද්‍යාලීය මහාචාර්යවරයෙකු වන හොමෙයි මියාෂිටා විසින් නිර්මාණය කරන ලද අපූරු නිමවුමක් පිලිබද ජපානයෙන් තොරතුරු වාර්තා වෙනවා. මෙය රස බැලිය හැකි තිරයක් වන අතර ඔහු විසින් මෙය Taste The TV (TTTV) ලෙස නම් කර තිබෙනවා.

මෙම නිෂ්පාදනය මූලාකෘතික නිෂ්පාදනයක් වන අතර මෙය තවදුරටත් වැඩිදියුණු කිරීම්වලට භාජනය කිරීමට නියමිතයි. මේ වන විට කර ඇති ඇස්තමේන්තු අනුව මෙම උපකරණය නිපදවීමට ඩොලර් 875ක පමණ මුදලක් වැය වන බව සදහන් වෙනවා.

මේ වන විට මෙය චොකලට් සහ පීසා යන ආහාර වර්ග 2 වෙනුවෙන් අත්හදා බලා ඇති අතර මෙම උපකරණයට පැණි රස, ලුණු රස, ඇඹුල් රස ආදී රසයන් ඉදිරිපත් කල හැකිය. මෙය පෙර සකසන ලද රස මිශ්‍රණයන් 10ක පමණ ප්‍රමාණයක් මගින් පරිශීලකයාට අවශ්‍ය රසය නිර්මාණය කර දෙන අතර අදාල ආහාරයේ රසය පමණක් මෙමගින් ලැබෙනු ඇත. මෙහි ලෙවකෑමෙන් රස බැලීමට හැකි තිරයක් පවතින අතර එම තිරය මතට අදාල රසයන් මිශ්‍රණය එක්වීමෙන් ඔබට අවශ්‍ය ආහාරයේ රස බලා ගත හැකිය.

Source: CNN

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna