ශ්‍රී ලංකාව සඳහා එළඹෙන වස⁣රේ සිට Starlink අන්තර්ජාල සේවාව ලබා දීමට සුදානම් වේ

Starlink කියන්නේ ලෝකයේ ඕනෑම තැනකට අඩු වියදම්, අධිවේගී අන්තර්ජාල සේවා ලබා දීම සඳහා ඇමරිකාවේ SpaceX සමාගම මගින් දියත් කරමින් පවතින, පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකා 12,000 ක පමණ සමන්විත වනු ඇති චන්ද්‍රිකා ජාලයක් බව ඔබ මේ වන විටත් දන්නා බව නිසකයි.

ඒ අනුව ඔබට මතක ඇති 2021 වස⁣රේදී ශ්‍රී ලංකාව සඳහාත් Starlink අන්තර්ජාල සේවාව හඳුන්වා දීම පිළිබඳව මුලික ශක්‍යතා අධ්‍යනය කිරිම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වු බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව මේ වස⁣රේදී එනම්, 2023 වස⁣රේදී ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවාව හඳුන්වා දීමට සුදානම් බවට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා දක්වා තිබු අතර ඒ පිළිබඳව අප ඔබ වෙත තොරතුරු ගෙන ඒමටත් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන විට Starlink නිල වෙබ් අඩවිය තුළ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා Starlink අන්තර්ජාල සේවාව 2024, එනම් එළඹෙන වස⁣රේදී හඳුන්වා දීමට නියමිත බවයි.

Source - starlink.com

අප අසල්වැසි රටවල් වන ඉන්දීයාව සඳහාත් Starlink අන්තර්ජාල සේවාව හඳුන්වා දීමට ඉන්දියාවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් Starlink සමාගම සිටින අතර මාලදිවයින සඳහා මේ වසර ඔක්තොම්බර් මාසයේන් පසුව හඳුන්වා දීමට නියමිත බවත් එම වෙබ් අඩවියේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Source: starlink.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara