Stalkerware: ඔබ ගැන ඔත්තු බලන Apps හඳුනාගන්නේ කොහොමද?

තව කෙනෙක්ගේ digital device එකකට stalkerware, ඒ කියන්නේ ඔත්තු බලන්න පුළුවන් program එකක් දාන එක දැන් ඉතාම ලේසි වැඩක්

Stalkerware: ඔබ ගැන ඔත්තු බලන Apps හඳුනාගන්නේ කොහොමද?


(මෙම ලිපියෙන් ගෘහස්ත හිංසනය පිලිබඳ සාකච්චා කරයි. ඔබට මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඉක්මන් උපකාර අවශ්‍ය නම් 1938 කාන්තා හා ළමා කටයුතු පැමිණිලි අංශයට හෝ ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කරන්න)

C|net වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන්.

ඇලී ගේ ප්‍රේම සම්බන්ධය අවසන් වේගන යන කාලයේ ඇයට අමුතු සිදුවීම් රැසකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයගේ පෙම්වතා ඇය යන එන ගමන් සියල්ල නම් ගම් සහිතව දන්නා බව ඇලී ට වැටහුනා වගේම ඇය මොහොතකට පෙර නිවසේ සිට ඇයගේ ලැප්ටොප් එකෙන් කියවපු දේ ගැන පවා ඔහු ඇයගෙන් හරියටම අහන වෙලාවල් තිබුණා.

ඇයට විශ්වාස කරන්න බැරි වුණා කොහමද මේ තොරතුරු ඔහු අතට යන්නේ කියලා. කොහොම හරි මේ දේ කරන්නේ phone එකෙනුයි laptop එකෙනුයි බව වටහාගත් ඇලී ඒ දෙකම අයින් කරලා දැම්ම.

ඇලී වගේම මේ දේවල් වලට ලෝකයේ ගොඩක් දෙනා මුහුණ දෙනවා. ලංකාවෙත් ඒක ඒ විදිහටම ඇති. මේ විදිහට තව කෙනෙක්ගේ digital device එකකට stalkerware, ඒ කියන්නේ ඔත්තු බලන්න පුළුවන් program එකක් දාන එක දැන් ඉතාම ලේසි වැඩක්. එවැනි apps/software ඕනේ තරම් නොමිලේ ගන්න තියනවා. වෙන එකක් තියා මේවා install කරන හැටි කියලා දෙන TikTok videos ද තියනවා.

ඇමෙරිකාවේ Norton ආයතනය සම්බන්ධ වෙලා පවත්තපු සමීක්‍ෂණයකින් එයට සහභාගී වුණු අයගෙන් සෑම 10න් එක් අයෙක්ම දෙනෙක්ම මේ වගේ stalkerware එකක් තමන්ගේ සහකරුවා/සහකාරිය track කරන්න භාවිතා කරලා තියෙනවා හෝ තවමත් භාවිතා කරනවා.

Stalkerware ගැන

Stalkerware කියන්නේ ඔයාගේ digital device එකක ඔයාට නොදැනෙන්න messages, calls, location, web history වගේම camera, mic වුනත් access කරන්න පුළුවන් විදිහට install කරන්න පුළුවන් apps රාශියක් හඳුන්වන නමක්.

මේ විදිහට ලබා ගන්න දත්ත මේ app එකේම companion app එකකින් මේක install කරපු එක්කෙනාට ලබා ගන්න පුළුවන්.

මේවා iPhone වලට වඩා Android වලට තමයි install කරන්න ලේසිම. කොහොමත් Google Play, App Store වලින් මේවා ගැන හොයල අයින් කරලා දාන නිසා ගොඩක් වෙලාවට වෙනම websites වලින් තමයි ගන්න තියෙන්නේ.

App එකක් stalkerware එකක්ද කියලා දැනගන්නේ කොහොමද?

මේක ටිකක් අමාරු වැඩක්. මොකද මේවා හදන අයගෙත් අරමුණ සාමාන්‍ය app එකක් විදිහට මේකට අහු වෙන කෙනාට සැකයක් නොදැනෙන විදිහට install කරන එක.

බොහෝ විට app list එකේ නොපෙන්වා තියෙන්නත් ඉඩ තියෙනවා. හොඳම දේ තමයි Settings වල Apps section එකට ගිහින් තමන් නොදන්න, අවශ්‍ය නැති Apps ගැන බලන එක. මේකත් අවධානයෙන් කරන්න ඕනේ වැඩක් මොකද app එකේ නමත් එදිනෙද භාවිතා කරන app එකකට සාමානව තියෙන්න පුළුවන්.

තවත් ක්‍රමයක් තමයි Kaspersky, Malwarebytes වගේ ප්‍රසිද්ධ anti-virus එකක් install කරලා apps ටික scan කරන එක.

ඔයාට මේ ගැන පොලිසියට කියන්නත් පුළුවන්. හැම පොලිසියකම මේ සම්බන්ධ නිලධාරීන් බොහෝ විට ඉන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ stalkerware delete කරත් මේවගේ ග්‍රහණයට අහු වුන කෙනා තවත් ප්‍රශ්න වලට අහු වෙනවා.

Stalkerware එකක් delete කරන්න ඕනෙද?

අනිවාර්යෙන් delete කරන්න ඕනේ තමයි. හැබැයි මේකත් එක්ක තවත් ප්‍රශ්නයක් එනවා.
දැන්, මේ app එකේ අනිත් කොටස තියෙන කෙනා දැනගන්නවා ඔයා මේක delete කරා කියල. මේකෙන් ඒ පුද්ගලයා තවත් දරුණු වෙන්න පුළුවන් මොකද ඔයාගේ පාලනය එයා අතින් ගිලිහුන හින්ද. මේ හින්ද තමයි මේක ගෘහස්ත හිංසනයට බලපාන මාතෘකාවක් වෙන්නේ. ඔයාට එකෙන් වෙන හිංසනය තවත් වැඩි වෙලා කරදරෙන් බේරෙන්න ආයෙමත් මේක install කරගන්න වෙන්නත් පුළුවන්.

කොහොමද මේකෙන් බේරෙන්නේ?

ඔයාට ඒ පුද්ගලයා සමඟ ඍජුවම සම්බන්ධයක් නැත්නම්, ඔයාට බලපෑම් කරන්න බැරි නම් මේ apps ආරක්ෂිතව delete කරලා දාන්න පුළුවන්.

මුලින්ම මේ app එකට දීලා තියෙන camera, microphone වගේ permissions අයින් කරන්න. ඊට පස්සේ මේක settings වලින්ම ගිහින් uninstall කරන්න පුළුවන්. එත් මේ app එකේ තවත් කොටස් phone එකේ ඉතුරු වෙලා තියෙන්නත් බැරි නෑ.

Permssions ගැන උදාහරණයක් පමණි.

හොඳම දේ තමයි අවශ්‍ය data ටික backup කරලා phone එක reset කරන එක. ඒ එකක්වත් හරිගියේ නැත්නම් අලුත් device එකක් ගන්න තමයි වෙන්නේ. අලුතෙන් ගන්න එක නම් ලේසි පහසු වැඩක් නෙමෙයි, විශේෂයෙන් මේ පුද්ගලයා ඔයාගේ ආදායම් මාර්ගයත් පාලනය කරනවා නම්.

කොහොම හරි ඇලී නම් කරේ තියෙන ඒවා අයින් කරලා අලුතෙන් phone එකක් හා laptop එකක් ගන්න එක. "මට ඕනේ වුනේ කොහොම හරි මේ පුද්ගලයාගෙන් අයින් වෙන්න" ඇලී කියා සිටියා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara