නුදුරේ​දී ගාස්තු වැඩි කිරී​මේ අදහසක් නොමැති බව Dialog Axiata විසින් ප්‍රකාශ කරයි

නුදුරේ​දී ගාස්තු වැඩි කිරී​මේ අදහසක් නොමැති බව Dialog Axiata විසින් ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සපයුම්කරැවෙකු වෙන Dialog Axiata සමාගම විසින් ඉදිරියේදි ඉහළ යන බදු ගාස්තු, බලශක්ති මිල ආදිය හමුවේ තම ජාලයේ ගාස්තු වැඩි කිරිමට කටයුතු නොකරන බව දක්වා තිබෙනවා.

පසුගිය දිනක කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී Dialog Future Zone හි විවෘත කිරිමට සහභාගී වෙමින් Dialog Axiata හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා අදහස් දක්වා සිටියේ පසුගිය වසරේදී ඔවුන් විසින් සිදු කරන ලද අවසන් මිල වැඩි කිරිමත් සමග ආදායමේ සැළකිය යුතු වැඩි විමක් සිදු නොවි ඇති බවයි. මෙලෙස ගාස්තු වැඩි කිරිම හමුවේ ඔවුන්ගේ ආදායමේ 8% - 9%ක පමණ වැඩි විමක් පමණක් සිදු වු බවත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස ගාස්තු වැඩි කිරිම හමුවේ තමන් බලාපොරොත්තු වු පරිදි ආදායම් නොලැබි යාමට ප්‍රධාන හේතුව වි ඇත්තේ පාරිභෝගිකයන් විසින් වියදම් සිමා කිරිම හා භාවිතය සිමා කිරිමයි. එමෙන්ම මෙලෙස යළි ගාස්තු ඉහළ දැමිමෙන් තොරව තව සේවා පාරිභෝගිකයන් සදහා ලබා දීමට Dialog සමාගම විසින් තම සේවා කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීමට හා සේවා පිරිවැය කළමනාකාරණය කිරිමටත් කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Sources: Economynext

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara