ශ්‍රී ලංකාවේ ප්‍රථම cryptocurrency payment gateway එක හඳුන්වාදීමට කටයුතු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම cryptocurrency payment gateway එක හඳුන්වාදීමට කටයුතු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රතම වතාවට ක්‍රිප්ටො මුදල් නැත්තම් crypto currency වලින් ගෙවීම් කිරීමේ හැකියාව ඇති සේවාවක් වන GemPay සේවාව Gemvault Fintech පෞද්ගලික සමාගම විසින් හදුන්වා දේ.

Gempay සේවාව මගින් අන්තර්ජාල ගනුදෙනු හා සේවාවන්ට ඩිජිටල් මුදලක් ලෙස හැදින්වෙන bitcoin භාවිතයෙන් ඉතාමත් සුරක්ෂිතව block chain තාක්ෂණය ගැන දැනුමක් නොමැත්තෙකු වුවත් සාමාන්‍ය ගනුදෙනු කරන මෘදුකාංගයක් භාවිතා කරනවා මෙන් ඉතාමත් සරලව ගෙවීම් ලබාගැනීමට සහ ගෙවීම් කිරීමට ව්‍යාපාර හිමිකරුවන්ට සහ පාරිභෝගිකයින්ට අවස්තාව හිමිවෙනවා. ගනුදෙනුවෙහි පසුතල ක්‍රියාවලිය Gempay මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර ව්‍යාපාර හිමියන්ට ගනුදෙනුවෙහි වටිනාකම රුපියල් වලින් සිය බැංකු ගිණුමටම ලබාගැනීමට හැකියාවද Gempay විසින් ලබාදී තිබෙනවා.

Gempay විසින් ව්‍යාපාරිකයන්ට මෙම සේවාව භාවිතා කිරීමට අවශ්‍ය වන සියළුම දේ සපයන්නෙ ශ්‍රී ලංකා රජය විසින් crypto currency, crypto mining, blockchain තාක්ෂණයන් රටපුරා භාවිතා කිරීමේ හැකියාව බලා ඒ තාක්ෂණයන් අනුමත කිරීමෙ ක්‍රියාවලිය සිදුකරගෙන යන වකවානුවක වීම විශේෂත්වයකි. මේ සදහා ඩිජිටල් සහ තාක්ෂණික කටයුතු රාජ්‍ය අමාත්‍ය අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රටහි උගත් ප්‍රමුඛයින් සපිරි කමිටුවක් පත්කිරීමට පසුගියදා කැබිනට් කමිටුවේ අනුමැතිය හිමිවුණා.

Gempay පවසන ආකාරයට Crypto currency ලෝකයේ වේගයෙන්ම වැළදගන්නා තාක්ෂණයක් නිසාවෙන් ශ්‍රී ලංකාව තුල මෙය ස්තාපිත කිරීමෙන් ඒවා පසුපස හබායන නවතම විදෙශීකයින් කොට්ටාස ශ්‍රී ලංකාව වෙත ආකාර්ශණය කරගැනීමට හැකියාව ලැබෙන බවය. මූලික වශයෙන් Gempay විසින් Bitcoin , Ethereum , USDT යන ක්‍රිප්ටො කරන්සි වලින් ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදීමට නියමිතයි. පසුව අනෙකුත් crypto වර්ගද ලබාදෙන බවද ඔවුන් පවසා සිටියා.

Source: Fintech Zoom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara