Microsoft සහායෙන් ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව සඳහා කෘතිම බුද්ධිය හඳුන්වාදීමට සැරසෙයි

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයට එක්තරා විෂයක් ලෙස කෘතිම බුද්ධිය (AI) විෂය හඳුන්වාදීමට සූදානම් වන බව මීට පෙර අප විසින් ඔබට වාර්තා කළා මතක ඇති. ඒ අනුව එම විෂය සඳහා අදාළ පාඨමාලා හඳුන්වා දීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිටම ”කෘතිම බුද්ධිය” විෂය පාසල් විෂය මාලාවට
රාජ්‍ය සේවකයින්ට තොරතුරු තාක්ෂණ විෂය පිළීබඳව දැනුම ලබා දෙන Next Gen ව්‍යාපෘතිය ගැන අප මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති. ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර (අනිවාර්යය) විෂයක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විෂය පත් කර ඇති අතර එමඟින් තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාවක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති නිසා ඊට විසඳුමක් වනු ඇත. පෙර 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවති කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence - AI) විෂය විශ්වවිද

මෙහි විශේෂත්වය වන්නේ මෙය Microsoft ආයතනයේද සහාය ඇතිව සිදු කිරීමයි. මෙහි මූලික අදියර ලෙස දැනට Microsoft ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර අවශ්‍ය මූලික සම්පත් පවතින පාසල්වල 8 වන ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා.

තවද ඒ සඳහා තෝරාගන්නා පාසල් Microsoft ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ ඩිජිටල්කරණය කිරීම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වනු ලබන ගුරුවරුන් 100ක් පමණ Microsoft ආයතනය මගින් පුහුණු කිරීම ද සිදුකරනු ලබනවා.

Sources: newswire.lk economynext.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna