කොළඹ වරාය නගරය තුළ Crypto Currency භාවිතා කිරීමට හැකි වන බවට තොරතුරු වාර්තා වෙයි

කොළඹ වරාය නගරය තුළ Crypto Currency භාවිතා කිරීමට හැකි වන බවට තොරතුරු වාර්තා වෙයි

ශ්‍රී ලංකාව තුළ Crypto Currency  භාවිතා කිරීමට හැකි බවත් සහ එයින් පසුව ශ්‍රී ලංකාව තුළ Crypto Currency භාවිතයට අවසර නොමැති බව පිළීබඳවත් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

කෙසේ වෙතත් කොළඹ වරාය නගරය තුලදි ඉදිරියේදී Crypto Currency භාවිතා කිරීමට හැකි වන බව වරාය නගර ආර්ථික කලාපයේ පාලන කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

“We have included digital assets in the asset classes that the Port City will entertain in terms of exchanges in the future,”
“We expect that will spur a list of other requirements such as settlement banks, correspondent banks.”

ඒ අනුව අනාගතයේදී Port City එක තුළ කෙරෙන බොහෝ ආර්ථික කටයුතු වෙනුවෙන් Crypto Currency භාවිතා කිරීමට හැකි වෙනු ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

වර්තමානයේදී ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ මේ Crypto Currency පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූ හෙයින් මේ පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

වරාය නගරය තුළ Crypto Currency හා ශ්‍රී ලංකා රුපියල් වලට අමතරව ඇමෙරිකානු ඩොලරය වැනි විදෙස් මුදල් ඒකක හරහා ඍජුවම ගනුදෙනු කිරීමටත් හැකි වන බව වාර්තා වනවා.

Source - Economy Next

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna