හොයාගන්න නැති බෙහෙත් හොයාගන්න උදව් වෙන Medoze

හොයාගන්න නැති බෙහෙත් හොයාගන්න උදව් වෙන Medoze

මේ කාලයේ ඉතා දුෂ්කර දෙයක් තමයි බෙහෙත් හොයාගන්න එක. මේකට විසදුමක් විදිහට ලංකාවේ තරුණයන් විසින් ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබෙනවා. මේ App එක Google Playstore හරහා Download කරගන්න පුළුවන්. මේ App එකෙන් වෙන්නේ ඔයාට අවශ්‍ය බෙහෙත් තිබෙනව නාම් ඒවා සොයා ගැනීමට උදව් ලබා දෙන එක.

නමුත් ඔයා හොයන බෙහෙත App එකෙත් නැත්තම් ඔයා මොකද කරන්නේ? ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය බෙහෙත මේකට uplaod කරන්න. ඔයා එහෙම දාපු ගමන් ඒක මේ App එකේ Register වෙලා ඉන්න Pharmacy වලට සහ User ලට Notifications වලින් යනවා. එතකොට ඒ අයට පුළුවන් ඔයාව Contact කරගෙන ඒ අදාල බෙහෙත ඔයාට ලබා දෙන්න.

ඒ වගේම ඔයා හොයන බෙහෙත ඔයාට ලැබුනට පස්සේ ඒ බෙහෙත තියෙන Pharmacy එක ගැන විස්තර වගේම Location එකත් ඔයාට ලැබෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒ Pharmacy එකට Call එකක් ලබා දීලා ඒ බෙහෙත ලබාගන්න විදිහක් ගැන කතා කරන්න.

ඒ වගේම දොස්තර ලියලා දෙන බෙහෙත් තුණ්ඩුව ඔයාට කියවලා තෙරුම් ගන්න අමාරුයි නේ. ඒ නිසා ඔයාට පුළුවන් ඒ බෙහෙත් තුණ්ඩුව Photo එකක් විදිහට Capture කරලා App එකට Uplaod කරන්න. එතකොට අර විදිහටම ඒ ගැන Pharmacy වලට Notification ආකරයට යනවා. එතකොට එයාලට පුළුවන් ඔයාලව Contact කරගෙන අදාල බෙහෙත ලබා දෙන්න.

මේ App එක සම්පුර්ණයෙන් නොමිලයේ ලබා දෙන අතර මෙහි කිසිදු වෙළඳ දැන්වීමක් පල කෙරෙන්නේ නෑ. එමෙන්ම කිසිදු ගාස්තුවක් අය කිරීමක් සිදු කෙරෙන්නේද නෑ.

මේ App එක දැනට Android සදහා පමණයි. ඉදිරියට iOS App එකක් විදිහට ලබාදීමට මෙහි නිර්මාණකරුව​න් බලාපොරොත්තු වෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna