සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් වංචා කිරීම සදහා ලංකාවේ බලපාන නීතිය

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් වංචා කිරීම සදහා ලංකාවේ බලපාන නීතිය

සමාජ මාධ්‍ය තුල මේ වන විට ඔබ අපි හැමෝටම ව්‍යාජ ගිණුම් දැක ගැනීමට ලැබීම සාමාන්‍ය දෙයක් වී හමාරයි. නමුත් ඒ ගිණුම් මගින් ලංකාව වැනි රටවල අපරාධමය වැරදි බොහොමයක් සිදුවන බව නොරහසකි. නමුත් මේ සදහාද ලංකාවේ නීතිමය රාමුවක් ඇත. ඒ සදහා බලපාන නීති නම්,

දණ්ඩ නීති සංග්‍රහයේ 402 වගන්තිය අනුව අනෙකෙකු නැතහොත් වෙනත් අයකු ලෙසින් පෙනී සිටීම වරදක් ලෙසට අර්ථ නිරූපණය කොට ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 398 වගන්තිය අනුව වංචාකිරීමේ වරද සංස්ථාපනය වීම සදහා හැමවිටම චංචල දේපළක් හුවමාරු වීම අත්‍යවශ්‍ය නොවේ. රැවටුණු තැනැත්තාට කයින්, සිතින් හෝ කීර්තියෙන් පාඩුවක් සිදු වූ විට ද වංචාව සිදු වේ.

ඒ අනුව වංචාකිරීමේ වරද බහුලව චංචල දේපල හුවමාරු වීම මත සිදු වුවද මානසික පීඩාව හෝ කීර්ති හානිය මත ද එය සිදුවන බවත් එහිදී දණ්ඩන වගන්ති වන්නේ 400 වගන්තිය බවත් අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීමට දණ්ඩන වගන්තිය 402 වගන්තිය බවත් දැනගත යුතුය.

ඉහත නීතිමය වපසරිය පිළිබද ඔබත් අදම තේරුම් ගන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් වංචා කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක් බව නැවතත් සිහි තබා ගන්න.

ඒ වගේම Social Media වල අපි නොදන්න තහනම - ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව සමාජ මාධ්‍යන් වල පල කල නොහැකි දෑ පිළබඳව අප විසින් පල කල ලපියද කියවීමෙන් ඔබට තවත් මේ පිලබඳව ඇති නීතීන් පිළිබඳව දැනුම ලබා ගත හැකියි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara