රාජ්‍ය නිලධාරීන් ලක්ෂයක් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම ඇරඹෙයි

රාජ්‍ය නිලධාරීන් ලක්ෂයක් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම ඇරඹෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන් ලක්ෂයක් සඳහා ඩිජිටල් තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩ නැඟීම සඳහා කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අතශ්‍යවශය නිසා ඒ සඳහා මුළු රාජ්‍ය සේවයම ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණ වනවා.

මෙම වැඩසටහන NEXT GEN ලෙසින් හැඳින්වෙන අතර එහි පළමු වැඩසටහෙන් එක් පියවරක් ලෙස මෙය ආරම්භ විය. 2024 වනවිට මේ රටේ සියලු රාජ්‍ය ආයතන වල සේවක හුවමාරුවීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු අතර 2024 වර්ෂය අවසන් වනවිට සියලු රාජ්‍ය ආයතනය ඩිජිටල්කරණයට ලක් කර අවසන් කිරීම මේ තුළින් බලාපොරොත්තු වෙනවා.

දැනටමත් සමහර ආයතන මෙය ආරම්භ කර ඇති අතර මෙම පුහුණු වැඩසටහන දින පහක වැඩසටහනක් ලෙස සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා එක්ව මෙය ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ තොරතුරු තාක්ෂණය මගින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5 ඉපයීමට හැකි වූ අතර ලබන වසරේ UDI නම් ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඉන් පසුව ඉපදෙන සෑම බිළිදෙකුටම ඩිජිටල් අංකයක් ලැබෙන අතර ඒ අයගේ වයස 15 වනවිට ඔවුන්ටම අනන්‍යවූ අංකයක් හිමි වනවා.

ඒ තුළීන් සියලු පුරවැසියන්ගේ දත්ත එක් තැනක ගබඩා වෙන අතර ඒ හරහා ජාතික හැඳුනුම් පත, ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සේවාවන් ලබා ගැනීම පහසු වන අතර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

Source: Department of Government Information - Sri Lanka

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna