Starlink සඳහා TRCSLහි මූලික අනුමැතිය හිමි​වේ

Starlink සඳහා TRCSLහි මූලික අනුමැතිය හිමි​වේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් Starlink වෙත රට තුළ අන්තර්ජාල සේවා සැපයීම සඳහා මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහජන අදහස් විමසීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙන බවයි.

“අපි මහජන අදහස් විමසීම සඳහා දින 14ක කාලයක් ලබාදී තිබෙනවා. ඊට පස්සේ අපි ප්‍රශ්න බලලා අනුමැතිය දෙනවා”

2015 වසරේ සිට Elon Musk ගේ SpaceX සමාගම විසින් වැඩි දියුණු කරන ලද Starlink යනු පෘථිවියේ දුරස්ථ ප්‍රදේශවලට පවා අධිවේගී අන්තර්ජාලය ලබා දීම සඳහා නිර්මාණය කර ඇති විශාල චන්ද්‍රිකා පද්ධතියකි.

පසුගිය මාසයේ අගභාගයේ ඉන්දුනීසියාවේ බාලි හි පැවති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ Elon Musk​ගේ හමුවීමෙන් පසුව Starlink අන්තර්ජාල සේවාව පිළිබඳ​ව ශ්‍රී ලංකාවේ අවධානයට වැඩිවිය.

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා
10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා.

මැයි 19 දින ඔවුන්ගේ රැස්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව Starlink ජාලයට සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් යටතේ කටයුතු සිදු කෙරුණි.

මේ පිලිබඳව TRCSLහි අවදානය යොමුවී තිබුනේ 2021 වර්ෂයේ සිටය.

Source: www.reuters.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna