එක් පුද්ගලයෙකුට මිලදී ගත හැකි සිම්පත් සීමා කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය සූදානම් වේ

එක් පුද්ගලයෙකුට මිලදී ගත හැකි සිම්පත් සීමා කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය සූදානම් වේ

මීට වර්ෂ කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේදී එක අයෙකුට එක දුරකථන ජාලයකින් ලබා ගත හැකි සිම්පත් ප්‍රමාණය සිම්පත් 5කට සීමා කෙරුනා. ඒ සමඟම ඕනෑම අයෙකුට #132# අමතා තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාලව ඒ ඒ ජාලයන්හි ලියාපදිංචිව ඇති සිම්පත් ප්‍රමාණය පරික්ෂා කිරීමේ හැකියාවද ලබා දුන්නා.

එහිදී ජනතාව විසින් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට ලියපදිංචිව තිබුණු නමුත් තමන් භාවිතා නොකරන වෙනත් අය විසින් භාවිතා කරන දුරකථන සම්බන්ධතා විශාල ප්‍රමාණයක් අවලංගු කර දැමීමට කටයුතු කරා.

නැවත වතාවක් ශ්‍රී ලංකා රජය විසින් එක් අයෙකුට මිලදීගත හැකි උපරිම සිම්පත් සීමාවක් පැනවීමට පියවර ගනිමින් සිටිනවා. මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ආරක්ෂක ආමාත්‍යංශය විසිනි. ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ ඇති සියළුම දුරකථන සේවා සමාගම් සම්බන්ධ කරගනිමින් ඒවා ආරක්ෂක ආමාත්‍යංශයේ අධීක්ෂණය යටතට පත් කිරීමට ආරක්ෂක ලේකම් මේජර් කෙනරාල් කමල් ගුණරත්න විසින් නියෝග නිකුත් කර තිබෙනවා.

මෑත කාලයේදී වෙනත් පුද්ගලයන්ගේ නමින් මිලදීගත් සිම්පත් හරහා සිදුවූ සංවිධානාත්මක අපරාධ සහ ජාවාරම් හේතු කොට ගෙන ඒවා මැඩ පැවැත්වීමේ ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර පොලීසිය විසින් මෑතකදී කල මෙහෙයුම් හා වැටලීම් වලදී ජංගම දුරකථන සිම්පත් විකිණීම සහ මිලදී ගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් වල ඡායා පිටපත් දහසකට වඩා ලඟ තබාගත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබත් අදම ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි වී ඇති දුරකථන සබඳතා පරීක්ෂාකර බලා ඔබ සතුව නැති හෝ ඔබ විසින් භාවිතා නොකරන දුරකථන සබඳතා වේ නම් ඒවා හැකිතරම් ඉක්මනින් විසන්ධි කිරීමට කටයුතු කර ආරක්ෂක අංශ වලට ඔබගේ සහය හැකි උපරිමයෙන් ලබා දෙන මෙන් Android වැඩකාරයෝ අප විසින් ඉල්ලා සිටිනවා.

එය කල හැකි ක්‍රම දෙකත් මෙහිදී අප විසින් ඔබට විස්තර කර සිටිමු.

  1. ඔබ සතුව දැනට පවතින ජාල වල සිම් පත් හරහා #132# අමතා එමඟින් ඔබට ලැබෙන මෙනුව හරහා ගොස් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාලව ලියාපදිංචි වී ඇති දුරකථන සම්බන්ධතා පරීක්ෂා කර බලා ඔබ සතුව නැති හෝ ඔබගේ අනුදැනුමකින් තොරව ලියාපදිංචි වී ඇති දුරකථන සම්බන්ධතා අදාල ජාලයේ පාරිභෝගික සේවා අංශයට ඇමතුම් කර හෝ සේවා ස්ථානයකට ගොස් විසන්ධි කිරීම.
  2. ඔබ සතුව සිම්පතක් නැති ජංගම දුරකථන ජාලයක් පවතී නම්, එම සේවා සපයන දුරකථන ජාලයේ සේවා ස්ථානයක් වෙත ගොස් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර එය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව දුරකථන සම්බන්ධතා ලිපදිංචි කර ඇති නම් ඒවා විසන්ධි කිරීම.

යම් හෙයකින් ඔබ විසින් ඔබගේ අනුදැනුම ඇතිව වෙනත් අයෙකුට ඔබගේ ජාතික හැඳිනුම්පත් අංකය යටතේ ජංගම දුරකථන සම්බන්ධතාවයක් ලබා දී ඇති නම් එය ඔහුගේ හෝ ඇයගේ නමට පවරා දීමටද කටයුතු කරන්න.

Source: Colombo Times

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara