2023 වර්ෂය සඳහා වූ Spotify Wrapped නිකුත් කරයි

2023 වර්ෂය සඳහා වූ Spotify Wrapped නිකුත් කරයි

මේ වන විට Spotify Wrapped, එනම් වසර අවසානයේ Spotify හි Individually සහ Globally වශයෙන් Most Streamed Artists, Albums, Songs ආදිය දැනුම් දෙනු ලැබුවා. 

මෙවර වැඩිම Streaming බිලියන 26.1 සමඟ Taylor Swift, 2023 දී ලෝකයේ ජනප්‍රියම Artist බව තහවුරු කළා. දෙවන හා තුන්වන ස්ථාන අතරට Bad Bunny හා The Weeknd ඇතුළත් වුණා.


Spotify තුළ ලෝකයේ වැඩිම වාර ගණනක් ඇසූ ගීතය ලෙස Miley Cyrus ගේ “Flowers” එක් වූ අතර වසරේ ගීත ඇල්බමය ලෙස Bad Bunny ගේ “Un Verano Sin Ti” ඇල්බමය එක් වුණා.

මීට අමතරව Spotify පරිශීලකයින් වෙතද 2023 වර්ෂයේ ඇසූ ගීතවලද Most Streamed Artists, Albums, Songs ආදිය Spotify App එක තුල නව Wrapped Section එකක් තුල හදුන්වා දුන්නා. ඔබ කොපමණ Artists ලා සංඛ්‍යාවකගේ ගීත වලට සවන් දී ඇතිද යන්න සහ කොපමණ මිනිත්තු ගණනක් කාලය වැයකර ඇත්ද යන්න මෙහිදී බලා ගැනීමට හැකියාව තිබෙනවා.

Spotify Wrapped සඳහා දත්ත 2023 ජනවාරි සිට Wrapped දියත් කිරීමට සති කිහිපයකට පෙර එකතු කල දත්ත බව Spotify සමාගම ප්‍රකාශ කළ සිටියා.

Source: usatoday.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara