Spotify සමාගම විසින් කලාකරුවන්ට කොපමණ මුදලක් ගෙවනවාදැයි දැන ගැනීමට හැකි වෙබ් අඩවියක් එළිදක්වයි

Spotify සමාගම විසින් කලාකරුවන්ට කොපමණ මුදලක් ගෙවනවාදැයි දැන ගැනීමට හැකි වෙබ් අඩවියක් එළිදක්වයි

Spotify කියන්නේ ලෝකයේ තිබෙන ප්‍රමුඛ පෙලේ music streaming services වලින් එකක්. මෑතකදී ශ්‍රී ලංකාව තුළත් එළිදැක්වූ මෙම service එක මගින් කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ සදහා ගෙවීමක් සිදු කරනු ලබනවා. මෙසේ ඔවුන් විසින් සිදු කරනු ලබන ගෙවීම් සම්බන්දයෙන්, සමාගම සහ එහි පරිශීලකයින් අතර විනිවිදභාවය වැඩි කිරීම සදහා Spotify සමාගම විසින් Loud & Clear නැමති වෙබ් අඩවිය එළිදක්වනු ලැබුවා.

මෙම වෙබ් අඩවියේ අරමුණ ඔබේ ප්‍රියතම කලාකරුවා Spotify හි කොපමණ මුදලක් උපයා ඇත්දැයි සොයා බැලීම නොවේ. එම දත්ත පුද්ගලිකව පවතීනවා. සිදුවන Streams මත පදනම්ව ඔබට කළාකරුවෙකු උපයන මුදල ආසන්න වශයෙන් ගණනය කළ හැකි වුවද, නිවැරදි මුදල් ප්‍රමාණය රඳා පවතින්නේ කලාකරුවා සහ Spotify සමාගම අතර පවතින කොන්ත්‍රාත්තු මත බවයි Loud & Clear වෙබ් අඩවිය සදහන් කරනු ලබන්නේ.

Source: makeuseof.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna