වෙළඳ දැන්වීම් සහිත subscription plan එකක් අත්හදා බැලීමට Spotify සමාගම කටයුතු කරයි

වෙළඳ දැන්වීම් සහිත subscription plan එකක් අත්හදා බැලීමට Spotify සමාගම කටයුතු කරයි

පසුගිය පෙබරවාරි මාසයේදි ලොව වඩාත්ම ජනප්‍රියතම Audio Streaming Subscription සේවාව වෙන Spotify නිල වශයෙන් ශ්‍රී ලංකාව සදහා හදුන්වා දෙනු ලැබුවා. මොවුන් විසින් දැනට තිබෙන Subscription Plans වලට අමතරව නව අඩු වියදම් Subscription Plan එකක් අත්හදා බැලීමට කටයුතු කර තිබෙනවා.

‌‌මෙම නව Subscription Plan එක “Spotify Plus” යන නමින් හදුන්වන අතර මේ වෙන විටත් ඉතාමත් සුළු පරිශීලකයන් පිරිසකට හදුන්වා දිමට Spotify සමාගම කටයුතු කර තිබෙනවා. මසකට ඩොලර් 0.99 වැනි ඉතාමත් සුළු මුදලක් වැය කිරීමෙන් ඔවුන්ට මෙම Subscription Plan එක සක්‍රීය කර ගැනීමේ හැකියාව ලබා දි තිබෙනවා. මීට අමතරව තවත් මිළ ගණන් යටතේ මෙම Subscription Plan එක අත්හදා බැලීමට Spotify සමාගම කටයුතු කරන බවත් වාර්තා වෙනවා.

කෙසේ නමුත් මෙම නව Subscription Plan එක සදහා සුළු මුදලක් අය කලත් Free Subscription Plan එකෙහි මෙන්ම වෙළඳ දැන්වීම් පළ විම සිදු වෙනවා. නමුත් Free Subscription Plan එකෙහි නොමැති විශේෂාංග කිහිපයක්ම මේ නව Spotify Plus Subscription Plan එක සදහා ලබා දී තිබෙනවා.

ඒ අනුව Free Subscription Plan එකෙහි පැයකට Tracks හයක් පමණක් Skip කිරීමට හැකි ලෙස තිබු සීමාව ඉවත් කර Unlimited Skips පහසුකම මේ Spotify Plus Subscription Plan එක සදහා ලබා දී තිබෙනවා. මීට අමතරව On-Demand Listening පහසුකමත් මේ නව Subscription Plan එක මගින් තම පරිශීලකයන්ට අඩු මුදලකට ලබා දීමට Spotify සමාගම කටයුතු කර තිබෙනවා.

Source: XDA, 9to5 Mac

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara