Spotify විසින් වෙනත් පරිශීලකයන් block කිරීමේ පහසුකම ලබා දීමට කටයුතු කර​යි

Spotify විසින් වෙනත් පරිශීලකයන් block කිරීමේ පහසුකම ලබා දීමට කටයුතු කර​යි

Spotify විසින් නව විශේෂාංගයක් එළිදක්වා තිබෙන අතර එමඟින් පරිශීලකයින්ට platform එකේ අන් අයව වඩාත් පහසුවෙන් block කිරීමට ඉඩ සලසයි. මීට පෙර, පරිශීලකයින්ට යමෙකු block කිරීමට customer support සේවය සම්බන්ධ කර ගැනීමට සිදු විය. නමුත් දැන් මෙම විශේෂාංගය user profile එකක් මත පහසුවෙන් සොයා ගැනීමට පහසු වේ.

පරිශීලකයෙකු block කිරීමට, ඔවුන්ගේ Spotify profile එක වෙත යන්න. ඔවුන්ගේ username සහ photo යටතේ, ඔවුන්ගේ public playlists වලට ඉහළින් Follow button එකට ආසන්නයේ ඇති, තිත් තුනේ menu එක click කර "Block", හෝ ජංගම දුරකථනයෙන් "Block User" තෝරන්න. දැන් එම පරිශීලකයාට ඔබේ listening activity, ඔබේ page එක, හෝ ඕනෑම public playlist එකක් වෙත ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත. ඔබට ඕනෑම අවස්ථාවක ඔබ කලින් block කළ පරිශීලකයෙකු unblock කළ හැක.

Image: The Verge

Spotify සමාගම 2019 දී block artist විශේෂාංගයක් හඳුන්වා දුන් නමුත් බොහෝ පරිශීලකයින් පසුගිය වසර කිහිපය තුළ වෙනත් පරිශීලකයින්ව block කිරීමටද  ක්‍රමයක් ඉල්ලා ඇත. 2018 දී, BuzzFeed News විසින් Spotify භාවිතා කරන්නන් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලද අතර listening activity මත පදනම්ව ඇතැමුන්ට වෙනත් පරිශීලකයින් වෙතින් විවිධ තාඩන පීඩන එල්ලවුවත් එවැනි පුද්ගලයින්ට තමන්ගේ activities බැලීම වැළැක්වීම සඳහා settings සැකසීමට අවස්ථාවක් මෙතෙක් නොතිබුණි. එම අවස්ථාවේදී, Spotify සමාගම කියා සිටියේ ඔවුන් පරිශීලකයින් අවහිර කිරීමට ඇති හැකියාවක් හඳුන්වා දීම සැලකිල්ලට ගෙන ඇති බවයි.

දැන් මේ ඵලදරා ඇත්තේ එම ඉල්ලීමයි.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara