රටවල් රැසක් සඳහා වන Spotify premium plans වල මිළ ඉහල දැමීමට Spotify ආයතනය කටයුතු කරයි

රටවල් රැසක් සඳහා වන Spotify premium plans වල මිළ ඉහල දැමීමට Spotify ආයතනය කටයුතු කරයි

Spotify සමාගම විසින් එහි subscriptions රැසක මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරමින් සිටිනවා. මෙම සතිය තුල එක්සත් රාජධානිය හා යුරෝපයේ ඇතැම් රටවලත් ඇමෙරිකා එක්සත් ජනපදයේත් මෙම වෙනස සිදුවෙමින් පවතිනවා.

විදෙස් වාර්තා වලට අනුව නම් ආසියාවේ හා දකුණු ඇමෙරිකාවෙත් ඇතැම් රටවල මේ මිල ඉහලයාම සිදු වීමට නියමිතයි. එලෙස මිල ඉහළ යාම් email මගින් පරිභෝගියකින්ට දැනුවත් කරනු ඇති.

Image Source: Android Police

එක්සත් රාජධානිය හා යුරෝපයේ ඇතැම් රටවල Student, Duo සහ Family plans ද  ඇමෙරිකා එක්සත් ජනපදයේ Family Plans වලත් මිල අප්‍රේල් 30 වනදා සිට එක් මුදල් ඒකකයකින් වැඩි වීමට නියමිතයි. එනම් $14.99, $15.99 ලෙසද, £4.99, £5.99 ලෙසද ආදීවයි. UK හි family plan එක £14.99 සිට £16.99 දක්වා ද, යුරෝපයේ එය €14.99 සිට €17.99 දක්වාත් වැඩි වී තිබෙනවා.

මිල ඉහල යාමට පෙර  Spotify Premium පාරිභෝගිකයින්ට (US, Europe සහ UK හි) එක් මසක සහන කාලයක් හිමි වනවා. එනම් ඔවුන්ට මෙම නව මිල බලපාන්නේ ජුනි මස සිටයි.

Spotify හි ප්‍රකාශකයෙක් The Verge වෙබ් අඩවියට මෙම මිල ඉහල යාම පිිළිබඳ මෙසේ අදහස් දක්වා තිබුණා.

“We offer a variety of subscription plans tailored to our users’ needs, and we occasionally update our prices to reflect local macroeconomic factors and meet market demands while offering an unparalleled service,”
"පරිභෝගියකින්ගේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි විවිධ plans අප හඳුන්වාදී තිබෙන අතර, අසමසම සේවාවක් ලබා දෙමින් දේශීය ආර්ථික රටා වලට ගැලපෙන ලෙස වෙළඳපොල ඉල්ලුම සපිරීමට අප ඇතැම් විට  මිල ගණන් යාවත්කාලින කරනු ලබනවා."

මෙම මිල ඉහල යාම ඔවුන් නිවේදනය කළේ තම සේවයට මිලියන 150කට අධික subscribers ගණනක් සිටින බව ප්‍රකාශ කිරීමෙන් මසකට පසුව වීමත් විශේෂත්වයක්. එසේ වුවත් පසුගිය කාර්තුවේ Spotify සමාගම යුරෝ මිලියන 125ක පාඩුවක් ලබා තිබෙන අතර එක් ඒකකයකින් ලැබෙන ආදායම (Revenue per user) 8% කින්ද පහල බැස තිබෙනවා.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara