Spotify සමාගම විසින් මෝටර් රථ සඳහා Car Thing නමින් වන උපාංගයක් හඳුන්වාදීමට කටයුතු කරයි

Spotify සමාගම විසින් මෝටර් රථ සඳහා Car Thing නමින් වන උපාංගයක් හඳුන්වාදීමට කටයුතු කරයි

Spotify කියන්නේ දැනට ලෝකේ පවතින Android, Windows, Linux, iOS, MacOS යන Computer හා Mobile OS වලට පවතින හොඳම Music Streaming App එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඔබට මතක ඇති පසුගිය කාලයේදි Spotify සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවට හදුන්වා දිමත් සිදු වුවා.

Spotify සමාගමේ පළමුවෙන Hardware Product එක විදිහට Car Thing නමින් හදුන්වන In Car Entertainment System එකක් නිෂ්පාදන කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් LCD Touch Screen එකකින් සමන්විත මෙහි තරමින් විශාල Navigation සදහා උපකාරි වෙන Knob එකක් පවතිනවා. ඒ මගින් සිංදු අතර මාරු විම මෙන්ම සිංදු තෝරා ගැනිමත් සිදු කල හැකි වෙනවා.‌‌ මිට අමතරව Favorite music, Podcasts, Playlists ආදිය තෝරා ගැනිමට ඉහල කෙරවලේ Button ලබා දි තිබෙනවා. මේ Car Thing එක සදහා Spotify Voice Control Feature එකත් ලබා දි තිබෙනවා.

මේ Spotify Car Thing නිෂ්පාදනය කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම Apple CarPlay හෝ Android Auto වැනි Modern in Car Infotainment Systems නොමැති වාහන සදහා වෙනවා. මේ සදහා Bluetooth මෙන්ම AUX හෝ USB Cable මගින් Smartphone එක සම්බන්ධ කල හැකි වෙන අතර මේ Car Thing එක මෝටර් රථයේ Stereo System එකට සම්බන්ධ කල යුතු වෙනවා.

තවමත් ඇමරිකා එක්සත් ජනපද වෙළඳපොල සදහා පමණක් හදුන්වා දි ඇති මෙය Spotify Premium Subscribersලා ඉලක්ක කර නිපදවා තිබෙනවා. Spotify වෙබ්අඩවියේ දක්වා ඇති ආකාරයට Premium Subscribersලා සදහා නොමිලේ මේ උපාංග ලබා ගත හැකි වෙනවා.

මෙහි වෙළඳපොල මිල ලෙස ඩොලර් 80ක මුදලක් දක්වා ඇති නමුත් මේ උපාංග වෙළඳපොල වෙත නිකුත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් Spotify සේවාව විසින් ප්‍රකාශ කර නොමැති වෙනවා.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara