දුරකථන සඳහා සෘජුව Starlink සම්බන්ධතාව ලබා දීමට T-Mobile සමග SpaceX සුදානම් වේ

දුරකථන සඳහා සෘජුව Starlink සම්බන්ධතාව ලබා දීමට T-Mobile සමග SpaceX සුදානම් වේ

Startlink කිව්වම මේ වෙන විට නොදන්න කෙනෙක් නැති තරම්. කෙටියෙන් මේ Starlink ගැන කියනව නම් ඉතින් ඒක තමයි Elon Musk විසින් සැටලයිට් උපයෝගී කරගෙන දියත් කර තිබෙන අධිවෙිගී අන්තර්ජාල පහසුකම. කෙටියෙන්ම ගත්තොත් මේ ඔස්සේ ලෝකයේ ඕනෑම ස්ථානයක සිට Internet එකට access කරන්න පුලුවන්. ඒක සමහර විට Cell Phone Connection නැති හද්ද පිටිසර ගමක් වෙන්නත් පුලුවන්. එහෙම නැත්තන් ඇලස්කාව, සහරා කාන්තාරය වගේ Isolated වෙච්චි තැනක් වෙන්නත් පුලුවන්.

2015 වසරේදී Elon musk විසින් ලෝකයට හදුන්වාදීපු මේ අදහස එක්කම 2019 වසරේ මැද භාගය වනවිට ඔවුන් Startlite Launch කිරීමට කටයුතු කරනවා. ඒ සිට මේ දක්වා Satellite 3580 ඔවුන් විසින් දියත්කර තිබෙනවා.

නමුත් මේ දක්ව‍ා මූලිකවම තිබුන ගැටළුව තමයි කොහොමද අතරමැදි Hardware නොමැතිව Mobile Phone එකක් මේ Satellite සමග ‍සම්බන්ධ කරන්නෙ කියන එක. මේ සදහා USA හි T-mobile ආයතනය සමග සම්බන්ද වී වැඩ කටයුතු කරන්න Starlink සමාගම කටයුතු ආරම්භ කර තිබෙනවා.

මූලික ව‍ශයෙන්ම මොවුන් මෙය මේ වසරේදී පරික්ෂා කිරිමට සුදානමින් සිටින අතර මේ ඔස්සේ 2-4Mbits පමණ වේගයක් එක් Cell Zone එකක් සදහා ලබා දිය හැකි වෙනු බවත් දැක්වෙනවා.

ඔවුන් මේ මගින් බලාපොරොත්තු වෙන්නෙ පළමුවෙන්ම USA හි මෙතෙක් කිසිදු Cellular Company එකකින්වත් ආවරණය නොවු, කෙටියෙන්ම කිවුවොත් Dead Zone ආවරණය කරන එකයි.

Sources: BGR Engadget

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara