NROL-108හි සාර්ථක launch එකත් සමඟින් SpaceX 2020 වර්ෂය අතිසාර්ථකව නිම කරයි

සුපුරුදු විදියටම SpaceX මේ සඳහා භාවිත කරන්නේ Falcon 9 Block 5 බූස්ටර් එකක්. ඒ B1059-5 කියන බූස්ටර් එක. මේ බූස්ටර් එක ලෝන්ච් එකකට පාවිච්චි වුණේ 5 වෙනි වතාවට.

NROL-108හි සාර්ථක launch එකත් සමඟින් SpaceX 2020 වර්ෂය අතිසාර්ථකව නිම කරයි

2020 කියන්නේ කොවිඩ්-19 නිසා මුළු ලෝකෙම උඩු යටිකුරු වුණු අවුරුද්දක්. ඒත් ඒකට පුලුවන් වුනේ නැහැ SpaceX එකේ ගමන නවත්තන්න. මේ ලිපිය 2020 අතිසාර්ථකව නිම කරපු SpaceX එකේ 2020 අන්තිම මිෂන් එක වුණ NROL-108 එක ගැනයි.

NRO එහෙම නැත්නම් National Reconnaissance Office කියන්නේ ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පාලනය කරන බුද්ධි තොරතුරු රැස්කිරීම් පිලිබඳ වගකියන ආයතනය. NRO එකේ අවශ්‍යතාවලට ඔවුන්ගේ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා පෘථිවි කක්ශගත කරන එක ඔවුන් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.

ඒ අනුව තමයි ඔවුන් Launch-108 සඳහා SpaceX තෝරගන්නේ. NRO එකේ Launch-108 කියන එක තමයි NROL-108 වෙන්නේ.

NROL-108 එකේදී කක්ශගත කරන්නේ මොන වගේ චන්ද්‍රිකාවක්ද, ඒක කක්ශගත වෙන්නේ මොන කක්ශයේද කියන එක එළියට දීලා තිබ්බේ නැහැ. මොකද මේ මිෂන් එක රහසිගත එකක් නිසා.

හැබැයි සාමාන්‍ය නිරීක්ෂකයන් කීපදෙනෙක් මේ වෙනකොට තහවුරු කරගෙන තියෙනවා චන්ද්‍රිකා දෙකක්, LEO එහෙම නැත්තන් පහළ පෘථිවි කක්ශයක මේ වනවිට ගමන් කරනවා කියලා.

සුපුරුදු විදියටම SpaceX මේ සඳහා භාවිත කරන්නේ Falcon 9 Block 5 බූස්ටර් එකක්. ඒ B1059-5 කියන බූස්ටර් එක. මේ බූස්ටර් එක ලෝන්ච් එකකට පාවිච්චි වුණේ 5 වෙනි වතාවට.

ලෝන්ච් එක වුණේ 2020 දෙසැම්බර් 19 වනදා GMT 1400 ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.7.30 ට). ඒ ෆ්ලොරිඩා හි KSC (Kennedy Space Center) එකේ පිහිටි Launch Complex 39A (LC-39A) එකෙන්.

මේ SpaceX එකේ 109 වෙනි Falcon ලෝන්ච් එක සහ 2020 සිදුකරපු 26 වෙනි Falcon ලෝන්ච් එක.

ලෝන්ච් එකෙන් විනාඩි 8 තත්පර 15 කට පස්සේ තමයි නැවත බූස්ටර් එක ලෑන්ඩ් කරේ. ඒ ෆ්ලොරිඩා හි CCSFS (Cape Canaveral Space Force Station) එකේ පිහිටි Landing Zone 1 (LZ-1) එකට.

මේ SpaceX එකේ 70 වෙනි සාර්ථක ලෑන්ඩින්ග් එක. ඒ වගේම LZ-1 එකට කරපු 17 වෙනි එක.

අත්ලාන්තික් සාගරයට වැටුණු Payload Fairings දෙක රිකවර් කලේ GO Ms. Tree සහ GO Searcher එකෙන්.

NROL-108 මිෂන් එක ගැන මම හදපු ඉන්ෆොග්‍රැෆික් එක තමයි පල්ලෙහා තියෙන්නේ. සේව් කරලා තියාගන්න.

ඊළඟ මිෂන් එකෙන් හම්බෙමු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara