Türksat 5A චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරමින් SpaceX සමාගම 2021 වර්ෂය සඳහා වන තම ප්‍රථම රොකට් දියත් කිරීම සිදු කරයි

2020 අතිසාර්ථකව නිම කරපු SpaceX එක, 2021 වැඩ අරඹපු පළවෙනි මිෂන් එක වුණ Türksat 5A එක ගැනයි අද ලිපිය.

Türksat 5A චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරමින් SpaceX සමාගම 2021 වර්ෂය සඳහා වන තම ප්‍රථම රොකට් දියත් කිරීම සිදු කරයි

2020 අතිසාර්ථකව නිම කරපු SpaceX එක, 2021 වැඩ අරඹපු පළවෙනි මිෂන් එක වුණ Türksat 5A එක ගැනයි අද ලිපිය.

Türksat කියන්නේ තුර්කිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ආවරණය කරමින් සන්නිවේදන කටයුතු සිදු කරන එරට රජය අනුබද්ධිත ප්‍රමුඛම ආයතනය. එය මේ වනවිට Türksat 3A, 4A සහ 4B යන සන්නිවේදන චන්ද්‍රිකා වලින් විශාල කර්යභාර්යයක් මධ්‍යම ආසියාවට, යුරෝපයට, අප්‍රිකාවට සිදු කරමින් පවතින අතරතුරයි ඔවුන්ගේ අළුත්ම චන්ද්‍රිකාව හැටියට Türksat 5A අභ්‍යවකාශයට යවන්නේ.

Türksat 5A චන්ද්‍රිකාව කිලෝග්‍රෑම් 3,400 කින් යුක්ත වන අතර එහි කිලෝ වොට් 12 ක බලයක් ක්‍රියාත්මක වෙනවා. එය වසර 15ක් භූස්ථාවර චන්ද්‍රිකාවක් ලෙස නැගෙනහිර දේශාංශ අංශක 31 පෘථිවි කක්ෂයේ සක්‍රීයව පවත්වා ගැනීමයි සැලැස්ම වී තියෙන්නේ.

සුපුරුදු විදියටම SpaceX මේ සඳහා භාවිත කරන්නේ Falcon 9 Block 5 බූස්ටර් එකක්. ඒ B1060 කියන බූස්ටර් එක. මේ බූස්ටර් එක ලෝන්ච් එකකට පාවිච්චි වුණේ 4 වෙනි වතාවට.

ලෝන්ච් එක වුණේ 2021 ජනවාරි 8 වනදා GMT 0215 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.7.45 ට). ඒ ෆ්ලොරිඩා හි CCSFS (Cape Canaveral Space Force Station) එකේ පිහිටි Space Launch Complex 40 (SLC-40) එකෙන්.

මෙහි විශේෂත්වය තමයි

  • SpaceX 2021 සිදුකරපු 1 වෙනි Falcon 9 ලෝන්ච් එක.
  • SpaceX සාර්ථකව සිදුකරපු 104 වෙනි Falcon 9 ලෝන්ච් එක.
  • SpaceX SLC-40 එකෙන් සිදුකරපු 62 වෙනි ලෝන්ච් එක.

ලෝන්ච් එකෙන් විනාඩි 8 තත්පර 30 කට පස්සේ තමයි නැවත බූස්ටර් එක ලෑන්ඩ් කරේ. ඒ ෆ්ලොරිඩාවට කිලෝමීටර 673 ක් නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයේ තියෙන Just Read The Instructions (JRTI) ඩ්රෝන්ෂිප් එකට.

එතකොට මේ Landing එක ඇයි විශේෂ වෙන්නේ?

  • SpaceX එකේ 71 වෙනි සාර්ථක ලෑන්ඩින්ග් එක.
  • ඒ වගේම JRTI එකට කරපු 14 වෙනි එක.

ෆ්ලොරිඩාවට කිලෝමීටර 786 ක් ඈත අත්ලාන්තික් සාගරයට වැටුණු Payload Fairings දෙක රිකවර් කලේ GO Ms. Tree සහ GO Ms. Chief එකෙන්.

ඊළඟ මිෂන් එක වෙන SpaceX Falcon 9 - Transporter 1 එක්ක නැවත හම්බෙමු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara