ප්‍රථම NASA බලපත්‍රලාභී මිනිසුන් ගෙන යාහැකි පෞද්ගලික වාණිජ අභ්‍යවකාශ යානය ලෙස SpaceX Crew-1 මිෂන් එක වාර්තා තබමින් ආරම්භ වේ

ප්‍රථම NASA බලපත්‍රලාභී මිනිසුන් ගෙන යාහැකි පෞද්ගලික වාණිජ අභ්‍යවකාශ යානය ලෙස SpaceX Crew-1 මිෂන් එක වාර්තා තබමින් ආරම්භ වේ

ඉතිහාසයේ ප්‍රථම නාසා-බලපත්‍රලාභී මිනිසුන් ගෙන යාහැකි පෞද්ගලික වාණිජ අභ්‍යවකාශ යානය අද (නොවැම්බර් 16) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.57 ට ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Launch Complex 39A මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත තම ගමන ආරම්භ කලා.

මේ මිෂන් එක හැඳින්වෙන්නේ NASA’s SpaceX Crew-1 නමින්. NASA ආයතනයත්, SpaceX ආයතනයත් සම්බන්ධ වෙලා සිදුවන මේ මිෂන් එකට එකතු වුණේ NASA අභ්‍යවකාශගාමීන් වන Michael Hopkins, Victor Glover සහ Shannon Walker සමඟ JAXA අභ්‍යවකාශගාමී වන Soichi Noguchi.

මොවුන් මාස හයක් ISS එකේ ඉන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. එය ඇමරිකානු අභ්‍යවකාශ ඉතිහාසයේ දීර්ඝතම මිෂන් එක හැටියට වාර්තා අලුත් කරයි. මොවුන් ගමන් කරන SpaceX Crew Dragon අභ්‍යවකාශ යානයේ නම තමයි Resilience.

සුපුරුදු පරිදි මෙය අභ්‍යවකාශයට රැගෙන යන මූලික පියවර සිදු කළේ SpaceX Falcon 9 රොකට් එකකින්. Resilience යානය කක්ෂගත කිරීමේ කාර්යයට සහය වූ Falcon 9 රොකට් එක සාර්ථකව  අත්ලාන්තික් සාගරයේ ස්ථානගත කර තිබූ Just Read the Instructions (JRTI) ඩ්‍රෝන්ශිප් එකට ලෑන්ඩ් කරා.

මේ මිෂන් එක වාර්තා කීපයකටම හිමිකම් කියනවා.

  1. ප්‍රථම නාසා-බලපත්‍රලාභී මිනිසුන් ගෙන යාහැකි පෞද්ගලික වාණිජ අභ්‍යවකාශ යානය
  2. ජාත්‍යන්තර අභ්‍යවකාශගාමීන් 4 කින් සමන්විත ප්‍රථම පෞද්ගලික වාණිජ අභ්‍යවකාශ යානය
  3. ISS එකේ අභ්‍යවකාශගාමීන් 7 ක් එකවර දීර්ඝ කලක් රැඳී සිටින ප්‍රථම වතාව
  4. ඇමරිකාවේ Federal Aviation Administration (FAA) මඟින් මගීන් රැගෙන යාමට බලපත්‍ර හිමි වූ ප්‍රථම අභ්‍යවකාශ ගමන

Resilience යානය ISS එකට සම්බන්ධ වෙන්න නියමිත වෙලා තියෙන්නේ හෙට (නොවැම්බර් 17) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 ට. Resilience යානය ISS එකට සම්බන්ධ වෙන්නේ ISS එකේ Harmony මොඩියුලය භාවිතයෙන්.

ලෝන්ච් එකේ විශේෂ අවස්ථා එකතු කරලා මම හදපු වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්.


Resilience යානය ISS එකට සම්බන්ධ වුණ හැටිත් එක්ක තවත් ලිපියකින් හම්බෙමු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara