එන්ජින් 33 ක් සමඟ ලොව විශාලම රොකට්ටුව StarShip, SpaceX විසින් අත්හදා බලයි

එන්ජින් 33 ක් සමඟ ලොව විශාලම රොකට්ටුව StarShip, SpaceX විසින් අත්හදා බලයි

පසුගිය නොවැම්බර් 18 වෙනිද, මෙතෙක් මිනිසා විසින් ගොඩනගා ඇති විශාලතම සහ බලවත්ම රොකට්ටුව වූ StarShip රොකට්ටුව ඇමරිකාවේ දකුණු ටෙක්සාස් හි SpaceX හි Starbase මගින් Launch කරනු ලැබුවා.

මෙය Starship Project එකහි දෙවන පරීක්ෂණ පියාසැරියයි. මෙහි විශේෂත්වය වූයේ, Super Heavy යාන​යේ පළමු අදියර Raptor එන්ජින් 33 කින් බලගැන්වීමට SpaceX සමාගම කටයුතු කිරීමයි.

StarShip කියන්නෙ අඟහරු වෙත මිනිසුන් සාර්ථකව රැගෙන යාම සදහා SpaceX විසින් සැලසුම් කරන Project එකක්.

මෙම දෙවන පරීක්ෂණ පියාසැරිය SpaceX සඳහා ප්‍රධාන සන්ධිස්ථානයක් එක් කලා. එයට හේතුව අප්‍රේල් මාසයේදී එහි පළමු පරීක්ෂණයට වඩා වැඩි දුරක් පියාසර කිරීමත්, Super Heavy Booster එක Upper Stage එකෙහි සාර්ථකව වෙන් වීමත් නිසාය.

පියාසරයෙන් 8 වන මිනිත්තුවේදී Booster එක පුපුරා ගිය අතර Project එකහි බලාපෙරොත්තු වූ පරිදි First Stage එක සාර්ථකත්වයට පත්වුනා.Elon Musk මෙම සාර්ථකත්වය X හි මෙසේ පල කළා.

Rocket Booster එකහි එන්ජින් 33, මැද එන්ජින් 13 ක් සහ එය වටා එන්ජින් 20 ක් ඇතුළත් වන පරිදි නිර්මාණය කර තිබුනා. ද්‍රව ඔක්සිජන් සමඟ මීතේන් දහනය කරන Booster එක​ට පවුම් මිලියන 16.7ක තෙරපීමක් ඇති කිරීමට හැකියාව තියෙනවා.

Project එක අතරතුර ගනු ලැබූ ඡායාරූපවල විශ්මිත ගුවන් දර්ශනයක් ඇතුළත් වන පරිදි, වලාකුළු සහ ගිනිදැල් සමඟ StarShip එක අහසෙහි ඉතා අපූරු රටාවක් නිර්මානය කරනු ලැබුවා. 

එම සාර්ථක ප්‍රතිඵල සමඟින් SpaceX විසින් මීළඟ Starship පරීක්ෂණ පියාසැරිය සඳහා සූදානම් වීම දැනුම් දෙනු ඇත.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara