අනෙකුත් වසර වලට සාපේක්ෂව 2020 වර්ෂයේ පළමු අර්ධයේ SONY image sensor සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇති බව වාර්තාවලින් හෙලිවේ

අනෙකුත් වසර වලට සාපේක්ෂව 2020 වර්ෂයේ පළමු අර්ධයේ SONY image sensor සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇති බව වාර්තාවලින් හෙලිවේ

2020 වසර කියන්නේ සැම Smartphone නිෂ්පාදකයෙක් මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනවල Camera Performance Highlight කරපු, කරන වසරක්. ඔවුන් මේ වන විට Smartphone සාමාන්‍ය Photo එකක ගැනිමෙන් එහාට ගොස් Professional Photography හා Videography සදහා යොදා ගත හැකි මට්ටමේ Features ලබා දිමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මේ වසරේ නිකුත් වු සැම Smartphone එකකම අවම වශයෙන් Dual-Camera Setup එකක් දැකගත හැකියි. 2020 වසරේ පළමු අර්ධයේ Smartphone Image Sensor Market Revenue Share පිළිබඳව නවතම වාර්තාව නිකුත් වි තිබෙනවා.

Strategy Analytics වලට අනුව 2020 පළමු අර්ධයේ නිෂ්පාදනයට වැඩි දායකත්වය දක්වා තිබෙන්නේ Sony සමාගමයි. ඒ 44% පමණ ප්‍රමාණයකින්. නමුත් මේ වාර්තාවට අනුව පසුගිය වසරවලට සාපේක්ෂව Samsung LSI, OmniVision හා SK Hynix සමාගම්වල තරගකාරිත්වය නිසා Sony සමාගමේ නිෂ්පාදන කටයුතුවලට යම් ප්‍රමාණයක බාධාවක් එල්ල වි තිබෙනවා.

Samsung LSI විසින් Smartphone Image Sensor නිෂ්පාදනයේ දෙවන ස්ථානයේ පසු ⁣වෙනවා. ඒ ඔවුන්ගේ 64MP හා 108MP කියන High megapixel sensors නිෂ්පාදන කටයුතු නිසා බව කිව හැකියි. තුන්වන ස්ථානයේ පසු වෙන්නේ OmniVision සමාගමයි.

Image Sensor නිෂ්පාදන කටයුතු මේ වසරේ මුල් අර්ධයේදි ගිය වසරවලට වඩා පහත වැටිමට හේතු වි ඇත්තේ ගෝලිය CovID-19 වසංගත තත්වය. එමෙන්ම තවමත් පවතින CovID-19 වසංගත තත්වය නිසා Image Sensor නිෂ්පාදනයේද යම් පහත වැටිමක් ඉදිරියේදි ද අපේක්ෂා කල හැකියි. කෙසේ වෙතත් නැවත Multi Camera Setup සහිත Smartphone නිපදවිමට නිෂ්පාදකයා පෙළඹි ඇති නිසා 8MP හා 2MP Image Sensor නිෂ්පාදනයේ යම් ඉහල යාමක් අපේක්ෂා කරන්න පුළුවන්.

Sources : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara