Chipset වල පවතින හිඟය හේතුවෙන් ZV-E10 කැමරාවේ ඇණවුම් භාර ගැනීම තාවකාලිකව නැවැත්වීමට SONY සමාගම කටයුතු කරයි

Chipset වල පවතින හිඟය හේතුවෙන් ZV-E10 කැමරාවේ ඇණවුම් භාර ගැනීම තාවකාලිකව නැවැත්වීමට SONY සමාගම කටයුතු කරයි

Covid වසංගත තත්වයත් සමග තාක්ෂණික ක්ෂේත්‍රයට එල්ලවි ඇති බලපෑම සුළුුපටු නොවෙන අතර Chip හිගය නිසා බොහෝ සමාගම් අතිශය අපහසුදායක තත්වයකට පත්ව තිබෙනවා. ඒ අනුව Sony සමාගම විසින් ඔවුන්ගේ Vlogging Camera එකක් වෙන ZV-E10 Camera එක නිෂ්පාදනය අත්හැර දැමිමට කටයුතු කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදි නිකුත් කරන ලද Sony ZV-E10 Camera එක Mirrorless Vlogging Camera එකක් වෙන අතර Sony සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ මේ වසර දෙසැම්බර් 03 වෙනි දිනට පසුව ZV-E10 Camera සදහා ඉල්ලුම් ලබා නොගන්නා බවයි.

මේ වෙන විට පවතින ගෝලීය Chip හිගය නිසා Sony සමාගම විසින් මේ වෙන විට A7 II, A6400 හා A1600 series Cameras මෙන්ම PXW-Z190 camcorder හා HDR-CX680 camcorder නිෂ්පාදනය අත්හැර දමා තිබෙනවා. ඒ වගේම වාර්තා වෙන තොරතුරුවලට අනුව Sony A9 Series එකත් මෙම Chip හිගයට මුහුණ දි ඇති බැවින් මේ වෙන විට සමහර බෙදාහරින්නන් විසින් A9 Series එකේ Cameras තව දුරටත් ඔවුන්ගේන් ලබා ගත නොහැකි බවත් දක්වා තිබෙනවා.

Sources: Sony, Digital Photography Review, Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara