සෝනි සමාගම ලොව ප්‍රථම කෘතිම බුද්ධි තාක්ෂණය සහිත Image Sensor එක හඳුන්වා දෙයි.

සෝනි සමාගම ලොව ප්‍රථම කෘතිම බුද්ධි තාක්ෂණය සහිත Image Sensor එක හඳුන්වා දෙයි.

අද දින, සෝනි සමාඟම විසින් 12.3 MP පමණ වන  image sensors දෙකක් එළි දක්වා තිබෙනවා. ඒවා නම්, IMX500 සහ IMX501 යි. විශේෂත්වය වනේ මෙම sensors නිපදවා ඇත්තේ කෘතිම බුද්ධි තාක්ෂණය ඇතුළත් කිරීමේ හැකියාවද සමඟ වීමයි.

මෙම හේතුව නිසා ඉදිරියේදී මෙම sensors භාවිතා කරන නිපදවන කැමරා උපාංග වලට, machine learning ක්‍රියාකාරකම් සඳහා වෙනම කෘතිම බුද්ධි දෘඩාංග අවශ්‍ය නොවනු ඇති. මෙම නව තාක්ෂණය, surveillance camera එනම් ආරක්ෂිත කැමරා පද්ධති සඳහා බොහෝ වැදගත් වනු ඇත.

මෙතෙක් කල්, කැමරා සහ කෘතිම බුද්ධිය අතර සෘජු සබඳතාවක් නොපැවති අතර, කැමරා සඳහා කෘතිම බුද්ධියේ සහය හිමි වූයේ වෙනම ඇති කෘතිම බුද්ධි චිපයක උදව්වෙන් හෝ අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ Cloud එකක පිහිටුවා ඇති කෘතිම බුද්ධියක් නිසාය.

උපාංගය තුළම machine learning සැකසුම් සිදු කරන උපාංගයකට උදාහරණයක් වන්නේ Google Pixel ස්මාට් දුරකථන ය. එහි ඇත්තේ Pixel Visual Core නමැති චිපයයි. එහි කාර්යය වන්නේ HDR+ ක්‍රමයෙන් ඡායාරූප ලබාගැනීමේදී එහි ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමයි. කෘතිම බුද්ධි තාක්ෂණය සහිත කැමරා විවිධ ක්ෂේත්‍ර වලදී භාවිතා කළ හැක.

නමුත් දැන්, කෘතිම බුද්ධි තාක්ෂණය ඇතුළත් කර නිපදවන Sony සමාගමේ image sensors භාවිතයේදී, විශ්ලේෂණ කිරීම් සඳහා අන්තර්ජාලය ඔස්සේ cloud පරිගණක වලට දත්ත යැවීම නතර කළ හැකි නිසා පෙරට වඩා ආරක්ෂිතව සහ ඉක්මනින් කෘතිම බුද්ධි සැකසුම් සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇත. පරිශීලකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමද මෙය නිසා සිදු වේ.

කෙසේ වෙතත්, දැනට මෙම කෘතිම බුද්ධි යෙදවුම මඟින් සිදු කළ හැක්කේ මූලික මට්ටමේ සැකසුම් පමණක් බවයි සෝනි සමාගමේ ව්‍යාපාර සහ නව සොයාගැනීම් අංශයේ අධිපති Mark Hanson පවසන්නේ. එනම්, ඡායාරූප ගැනීමේදී ඒ වෙලාවේදීම ඡායාරූපයේ ඇති වස්තූන් හඳුනාගැනීම ආදී සංකීර්ණ සැකසුම් මෙහි ඇතුළත් නොවේ. නමුත් අනාගතයේ මෙම තාක්ෂණය මීට වඩා දියුණු විය හැකි යැයි අපේක්ෂා කළ හැක.

2021 වසරේ මුල් භාගයේදී පමණ මෙම තාක්ෂණය සහිත sensors වෙළඳ පොලට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. Hanson පවසන්නේ, IMX500 මාදිලියේ sensors වල සාම්පල දැනටමත් $93ක් වැනි මිලකට ලබාගත හැකි බවයි.

Sony සමාගම විසින් කැමරා තාක්ෂණයේ නව සොයාගැනීම් සිදු කරමින් ඉදිරියටම යන බව පෙනී යයි. Sony සමාගමට 60%ක පමණ වෙළඳපල හිමිකාරීත්වයක් සහිත වන අතර බිලියන 1.6ක් පමණ sensors පසුගිය වසරේ විකුණා ඇත.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara