ගීතයක කොටසක් මුමුණන විට එම ගීතය සොයාදීමේ නව පහසුකමක් Google විසින් ලබාදීමට කටයුතු කරයි

ගීතයක කොටසක් මුමුණන විට එම ගීතය සොයාදීමේ නව පහසුකමක් Google විසින් ලබාදීමට කටයුතු කරයි

දවසකට ඔයාට සිංදු කොච්චර නම් ඇහෙනව ද? ඒ සිංදු ඇහෙන වේලාවට හිතෙනව නේද පස්සේ Download කරල අහන්න ඕනේ කියල. ඒත් ගොඩක් වෙලාවට ආපහු ඕක මතක් වෙන්නේ ඒ සිංදුව කවද හරි ආපහු ඇහුණ දවසටනේ. අපි ඉතින් ඒ ඇහෙන වෙලාවටම මේ සිංදුව Download කරන්නේ නැත්තේ වචන Type කරලා එක එක Website ගානේ ඔය සිංදුව හොය හොය මහන්සි වෙන්න කම්මැලි හින්දනේ.

ඔයා දැනටමත් දන්නවනේ සිංදුවක් යන වේලාවට එක එක Apps වලින් ඒ සිංදුව හොයා ගන්න පුළුවන් කියල. Shazam කියන්නේ ඒ වගේ app එකක්. ඒත් අපිට Shazam එකෙන් සිංදුවක් හොයා ගන්න නම් ඒ සිංදුව යන වෙලාවක app එකෙන් scan කරන්නම ඕනේ. ඒත් එහෙම නැතුව අපි මුමුණනකොට හරි අපි සිංදුව කියනකොට හරි සිංදුව හොයාගන්න පුළුවන්නම්?

ඉතින් අද කියන්න යන්නේ කිසිම App එකක් නැතුව ඒ විදිහටම සිංදුවක් යන වෙලාවටම නැතුව අපි මුමණනකොට ඒකෙන් ඒ සිංදුව හොයා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැනයි. මේකට අපිට උදව් වෙන්නේ Google. දැන් Google අලුත් Feature එකක් ලබා දිලා තියෙනවා අපි මුමුණන සිංදුවම Google Search Engine එක මගින් හොයල දෙන විදිහේ.

දැන් Google Search widget එකේ තියෙන Mic Icon එක Touch කරල “what’s this song” කියල හරි “Search a song” කියන Button එක Click කරල හරි අපිට ඇහෙන සිංදුවේ තත්පර 10-15 කොටසක් මිමිණීමෙන් මගින් Google විසන්ම අපිට ඒ ගිතය සොයා දෙන්න කටයුතු කරනවා.

iOS සදහා මේ Feature එක English Songs සදහා පමණක් ද Android සදහා භාෂා 20ක ගිත සදහා සහය දක්වනවා.

මේ Feature එක Google Machine Learning Algorithm එක මත පදනම් වි තිබෙනවා. ඒ අනුව අපිට අවශ්‍ය Song එකේ Tune එක තත්පර කිහිපයක් තුල හදුනා ගෙන ඒ Song එක අපිට සොයා දිමේ හැකියාව මේ Feature එක සතු වෙනවා. Google algorithm එක මගින් ඒ Song එකේ වාදනය , ගායනය හදුනාගෙන ඊට අනුරූප හොදම ගැලපුම් සහිත ගීත කිහිපයක්ම අපිට සොයා දෙනවා.

Source: Google Blog, MobileSyrup

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara