මහජනතාවට සමා​ජ මාධ්‍ය ජාලයන්​ට පිවිසීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරයි

මහජනතාවට සමා​ජ මාධ්‍ය ජාලයන්​ට පිවිසීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුල (අප්‍රේල් 2)  Facebook, Twitter, WhatsApp, Viber හා YouTube ඇතුළු සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු කර තිබෙනවා. මේ බව NetBlocks metrics වෙබ් අඩවි​ය විසින් ඔවුන්ගේ Twitter ගිණුම හා වෙබ් අඩවිය මගින් තහවුරු කර තිබෙනවා.

මේ සදහා ආසන්නතම හේතුව ලෙස රට තුල පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව නොසන්සුන් ලෙස හැසිරීමට කටයුතු කිරිම හේතු වි තිබෙනවා. එමෙන්ම ඔබ දන්නා පරිදි මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කිරීමට අමතර​ව ඊයේ සවස 6 සිට ඇදිරි නිතිය පනවන්නත් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ Vantage points 100 අධික සංඛ්‍යාවක් මගින් ලබා ගන්නා දත්ත මගින් මොවුන් මේ බව තහවුරු කර තිබෙන අතර පරිශීලකයන්ද මේ බව මේ වෙන විට තහවුරු කර තිබෙනවා.

ඒ වගේම මේ වෙන විට මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරිම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුත් තහවුරු කර තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත Facebook, WhatsApp, Instagram, Twitter, YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකා තාවකාලිකව සීමා කරන ලෙසට සේවා සපයන්නන්ට උපදෙස් දෙනු ලැබේ. - අධ්‍යක්ෂ ජනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC)

VPN ගැන මීට කලින් අපි පල කරපු ලිපිය මෙතනින් බලන්න.

Source: NetBlocks metrics

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna