Qualcomm සමාඟම Snapdragon Wear 4100 නමින් නව smartwatch චිපයක් නිපදවයි

Qualcomm සමාඟම Snapdragon Wear 4100 නමින් නව smartwatch චිපයක් නිපදවයි

වසර ගණනාවක් තිස්සේ භාවිතා වූ Smartwatch චිපය වෙනුවට Qualcomm සමාගම විසින් නව චිපයක් නිපදවා ඇත. මෙය Wear OS මෙහෙයුම් පද්ධතියට සහාය දක්වයි. පෙර භාවිතා වූ චිපයට වඩා මෙය වේගවත් බව පැවසේ.

1.7GHz පමණ වූ Cortex A53 CPU හතරක් 12nm තරම් කුඩා ප්‍රමාණයක අසුරා මෙම නව චිපය නිපදවා ඇත. පෙර පැවති 28nm තරම් වූ Cortex A7 cpu වලින් නිපදවූ චිපය හා සසඳන විට මෙය විශාල දියුණුවකි. මෙහි Adreno 504 GPU එක අන්තර්ගත කර ඇති අතර මෙම නව චිපය පෙරට වඩා 85% ක් වේගවත් බව පවසයි.

මෙහි සංස්කරණ දෙකක් ලෙස නිකුත් කරන අතර, 4100 සහ 4100+ ලෙස නම් කර ඇත. 4100+ චිපය නිපදවන්නේ always-on-display, low-power mode ආදී සංකීර්ණ පහසුකම් සහිත උපාංග සඳහා ය.

මෙම චිපය LTE, GPS, NFC, Wi-Fi 802.11n, සහ Bluetooth 5 යන යෙදුම් සඳහා සහාය දක්වයි.

Android Smartwatch සහ Wear OS මෙහෙයුම් පද්ධතිය අනෙකුත් Smartwatch හා සසඳන විට තිබෙන්නේ කණගාටුදායක අඩියක ය. වසර ගණනාවක් තිස්සේ, Qualcomm සමාඟම විසින් Smartwatch වෙළඳපල අතැර දමා තිබුණි. මෙම අතැරදැමීම Android Smartwatch සඳහා ප්‍රභලව බලපෑ අතර, Android Smartwatch මෙම තත්වයට පත් වීමට හේතුව Qualcomm සමාඟමේ මෙම හැසිරීමයි. වසර 6කට පසුව ඔවුන් නිකුත් කරන මෙම චිපය Android Smartwatch වෙළඳපල වෙත යම් ආලෝකයක් ලබාදීමට සමත් වනු ඇත.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara