ChatGPT මගින් බලගැන්වෙන AI Chatbot කෙනෙක් හඳුන්වාදීමට Snapchat සූදානම් වන ලකුණු

ChatGPT යෙදවුම ආශ්‍රය කරගනිමින් ලොව විවිධ සමාගම් එයට සමාන වූත් විවිධ සේවාවන් සැපයීම සඳහා තරඟකාරී වාතාවරණයක් ඔස්සේ විවිධාකාරයේ වූ යෙදවුම් තම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරමින් පවතී. පසුගියදා Snapchat විසින් ඔවුන්ගේම AI Chatbot එකක් නිකුත් කිරීමට සූදානම් වූ බවට වාර්තා වූවා.

ChatGPT මගින් බලගැන්වෙන AI Chatbot කෙනෙක් හඳුන්වාදීමට Snapchat සූදානම් වන ලකුණු

මේ වන විට ලොව පුරා මෙන්ම අප රට තුළ ද වඩා ජනප්‍රියතාවයට පවතී තිබෙන යෙදවුමක් ලෙස ChatGPT හැඳින්විය හැකි අතර එම නිසාවෙන්ම මේ වන විට ලොව අවම කාලයක් තුළ වැඩිම පරිශීලකයන් ප්‍රමාණයක් පරිශීලනය කරනු ලැබූ යෙදවුම බවට ද පත්වී හමාරය. OpenAI සමාගම විසින් නිර්මාණය කරන ලද ChatGPT යෙදවුම ආශ්‍රය කරගනිමින් ලොව විවිධ සමාගම් එයට සමාන වූත් විවිධ සේවාවන් සැපයීම සඳහා තරඟකාරී වාතාවරණයක් ඔස්සේ විවිධාකාරයේ වූ යෙදවුම් තම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරමින් පවතී.

එලෙස ගන්නා එක් උත්සාහයක් වශයෙන් පසුගියදා මතුවූ පුවතක් වන්නේ Snapchat විසින් ඔවුන්ගේම AI Chatbot එකක් නිකුත් කිරීමට සූදානම් වන බවයි. මෙම යෙදවුම සඳහා ChatGPT මූලික කරගන්නා අතරම මෙය "My AI" යනුවෙන් නම් කිරීම ද සිදුවිය.

Source: theverge.com

මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් එම සමාගමේ විධායක නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම පහසුකම ලබාගැනීමට අවස්ථාව ඇත්තේ Snapchat Plus Subscribers සඳහා පමණක් වන බවත් ඒ සඳහා එක් මසකට ඩොලර් 3.99 ($3.99) ගෙවීමට සිදුවන බවත් ය. Snapchat යෙදවුමෙහි Chat tab එකෙහි ඉහළින්ම නිරීක්ෂණය කළ හැකි මෙම පහසුකම මගින් තම පරිශීලකයන් මිලියන 750ම මෙම සේවාව ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවට එම සමාගම සඳහන් කර තිබේ.

Source: theverge.com

My AI පිළිබඳව සඳහන් කරන විට එය ChatGPT හි පවතින ක්‍රියාවලීන් අනුගමනය කරනු ලබන අතරම දුරකථන සඳහා වඩා ගැලපෙන පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. එය පැවසුවහොත් ඔබට Snapchat තුළ ChatGPT හි අත්දැකීමක් ලබාගැනීමට හැකිවන ආකාරයේ පහසුකමකි. මෙය ඉතාමත් ආකර්ශනීය පහසුකමක් වුවද ChatGPT වෙතින් වෙනස් වන කරුණ වන්නේ මෙහි ලබාගත හැකිවන තොරතුරු ප්‍රමාණය සීමා කර පැවතීමයි. My AI මගින් ප්‍රචණ්ඩත්වය, ලිංගික අසභ්‍ය අන්තර්ගතයන් සහිත තොරතුරු, දේශපාලන තොරතුරු ලබාගැනීම වළක්වා ඇත.

ChatGPT මගින් පරිශීලකයන් වෙත තොරතුරු සැපයූවද එම සපයන තොරතුරු සලකන විට එහි නිරවද්‍යතාවය පිළිබඳව 100% ක වගකීමක් ලබාගැනීමේ අපහසුතාවය පවතී. එමනිසා මෙයට පරිභාහිරව AI මගින් සකස් කරන ලද තොරතුරු හඳුනාගැනීමට පවා හැකිවන යෙදවුම් නිර්මාණය කිරීම ආරම්භ වී ඇති අතර My AI මගින් එවැනි අසත්‍ය සහ නිරවද්‍යතාවයෙන් අඩු තොරතුරු පරිශීලකයන් වෙත සැපයීම අවම කිරීම සඳහා ක්‍රියා කරනු ලබන බවට වැඩිදුරටත් එම සමාගම සඳහන් කරනු ලබයි.

Sources: techcrunch.com flipboard.com geekmetaverse.com theverge.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara