සිංහල ටයිප් කරන්න ලේසිම විදිය

ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න තියෙන පුරුද්දම සිංහලටත් තියෙනව නම් කොච්චර දෙයක්ද නේද? මේ කියන්න හදන්නේ අපිට තියෙන පුරුද්දක් උපයෝගී කරගෙන සිංහල ටයිප් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන.

සිංහල ටයිප් කරන්න ලේසිම විදිය

අපේ මව් භාෂාව සිංහල උනත් ගොඩක් වෙලාවට අපිට සිංහල බසින් ටයිප් කරන්න එහෙමත් නැත්නම් යතුරු ලියනයේ යෙදෙන්න අපහසු කමක් තියෙනවා. ඒකට වැඩියම හේතුව වෙන්නේ අපිට පුරුද්ද නැතිකම සහ ඒකට ගැලපෙන හරි මෘදුකාංග නැතිකම. ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න තියෙන පුරුද්දම සිංහලටත් තියෙනව නම් කොච්චර දෙයක්ද නේද? මේ කියන්න හදන්නේ අපිට තියෙන පුරුද්දක් උපයෝගී කරගෙන සිංහල ටයිප් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන.

අපි හැමෝම SMS ගහන්න හරි දස්සයි. SMS ගහන විදියට සිංහල ටයිප් කරන ක්‍රමයක් තියනවා. මේ ඒ ගැනයි කියන්න යන්නේ. කිසිම සොෆ්ට්වෙයා එකක් අවශ්‍ය වෙන්නේ නෑ හැමදේම online කරගන්න පුලුවන් වෙබ් පිටුවක් මේක. පහත පියවර අනුගමනය කලානම් මේක ලේසියෙන්ම පුරුදු වෙන්න පුලුවන්.

පියවර 1: SLunicode වෙබ් අඩවියට වෙතට පිවිසෙන්න

පියවර 2: උඩින්ම ඇති කොටුව තුල SMS එකක් ටයිප් කරන ආකරයට ටයිප් කරන්න. මේ සඳහා ඔබට දකුණුපස ඇති Key Typing Hints වල උපකාරය ලබාගන්නත් පුලුවන්.

පියවර 3: දෙවණි සහ තුන්වෙනි කොටු වලින් සිංහල text ලබාගන්න. ඔබ මේ text පාවිච්චි කරන්නේ වෙබ් පිටුවකට වගේ දෙයකට නම් ඔබ ලබාගතයුතු වෙන්නේ දෙවණි කොටුවෙන් නැත්තම් Unicode කොටසින් ඔබට ලැබෙන text ටිකයි.

Adobe Photoshop හෝ Illustrator වැනි software එකකට පාවිච්චි කරන්න නම් ලබාගතයුත්තේ තුන්වෙනි කොටුවෙන් ලැබෙන text රුවයි.

පියවර 3යි. ලේසි නැද්ද?

Sinhala Realtime Unicode Converter

මේක ඔයාලට Unicode Converter එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්. ඔයාල ලග දැනටමත් Unicode text එක තියනවා නම් ඒ text ටික 2නි කොටුවට past කිරීම මගින් Sinhala font එක ලබාන්න පුලුවන්.

විශේෂත්වය මොකක්ද?

  • මේක Sinhala Typing Tool එකක් විදියට වගේම Unicode converter  විදියටත් යන දෙයාකරයෙන්ම පාවිච්චි කරන්න පුලුවන්
  • හැමදේම real-time වෙනවා
  • Unicode සහ Sinhala Font යන වර්ග දෙකටම support කරනවා
  • ඕන device එකකින් පාවිච්චි කරන්න පුලුවන් විදියට mobile responsive ආකරයට හදල තියනවා
  • Website එක load කරගත්තට පසුව internet නැතුව උනත් tool එක පාවිච්චි කරන්න පුලුවන්.
  • උදව්වට key words hints පාවිච්චි කරන්නත් පුලුවන්

මේ tool එක තියන නිසා Sinhala type කරන්නයි text convert  කරන්නයි website දෙක තුනකට යන්න උවමනාවක් නෑ. එක තැනකින් මේ රාජකාරි දෙකම කරගන්න පුලුවන්. උදව්වක් ඕනි නම් හරි වැඩි විස්තරයක් දැන්ගන්න කැමති නම් SLunicodes Facebook පිටුවට පිවිසිලා ඒ අයට inbox message එකක් දාන්න. ඒ අය උදව් කරයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara