ජාතික ඩිජිටල් පෙරළියකට SLTMOBITEL සූදානම් වෙයි

ජාතික ඩිජිටල් පෙරළියකට SLTMOBITEL සූදානම් වෙයි

මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණික සේවා සැපයුම් කරුවෙකු වන SLT-MOBITEL සමාගම විසින් අතවශ්‍ය සේවා හා එම අංශ කාර්යක්ෂම කිරීමට සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලියක් පසුගියදා එළිදක්වනු ලැබුවා.

පුරවැසි අනන්‍යතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක පද්ධති සමගින් පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා සැරසෙන SLT-MOBITEL සමාගම යෝජනාකරන යෝජනාවලියේ පදනමයි. SLT-MOBITEL සමාගම සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණය යන අංශ මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම විය යුතු අංශ ලෙස නම් කර තිබෙනවා.

E-සෞඛ්‍ය සේවා

SLT-MOBITEL සමාගම යෝජනාකරන යෝජනාවලිය මගින් මෙම අංශය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට අපේක්ෂිතය. එමගින් තත්කාලීන තොරතුරු ලබා ගැනීමටත්, දුරස්ථ රෝගී අධීක්ෂණය ක්‍රියාත්මක කිරීමටත්, ලෙඩරෝගවලින් ආරක්ෂා වීමේ ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටත්, ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, දත්ත පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සමගින් සමස්තයක් ලෙස වඩාත් යහපත් රෝගී පරික්ෂා ක්‍රමවේදයක් දියත් කිරීමටත් අවස්ථාව සැලසේ.

E-අධ්‍යාපනය

COVID-19 වසංගත තත්ත්වය සහ මෑතකදී ඇති වූ ආර්ථික අභියෝග හේතුවෙන් දරුවන්ටත්, ගුරුවරුන්ටත් මාර්ගගත අධ්‍යාපනයට පිවිසීමට සිදු වී තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධව තවත් සපුරාලිය යුතු කරුණු රැසක් පවතී. ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් සහ ගුරුවරුන් හට ඩිජිටල් තාක්ෂණයට සහ මාර්ගගතව අධ්‍යාපනය සඳහා ඇත්තේ සීමිත පහසුකම් වන අතර, දුරස්ථ අධ්‍යාපනය සහ Smart පංති කාමර යන සංකල්ප ප්‍රවර්ධනය කිරීමට මෙමඟින් අපේක්ෂිතව තිබෙනවා.

  • ඩිජිටල් මෙවලම් සහ තාක්ෂණය හඳුන්වාදීම හරහා ක්‍රියාවලි ස්වයංක්‍රියකරණය කිරීම
  • සියලු දෙනාට පරිහරණය කළ හැකි සහ අඛණ්ඩ ප්‍රවේශය සහිතවන ලෙස පුස්තකාල ඩිජිටල්කරණය කිරීම
  • වඩාත් පුළුල් සහ ඵලදායී අධ්‍යාපන ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) ගුරුවරුන් සහ සිසුන් හට හඳුන්වා දීම

වැනි කරුණු SLT-MOBITEL සමාගම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා ගත යුතු පියවර ලෙස හඳුන්වාදී ඇත.

E-ප්‍රවාහනය

මෙරට සිදුවන ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් සිදුවන ප්‍රවාහනය සහ තදබදය මෙරට ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කරයි. ගමනාගමනයේදී අහිමිවන කාලය, අධික ඉන්ධන දහනය, රථ වාහන හානි වැඩි වීම සහ මාර්ග අනතුරු ඉහල යාම ආදී සියලු කරුණු ජාතික ඵලදායිතාවයට සෘණාත්මක ලෙස බලපායි.

ඒ හේතුවෙන් මෙරට ගමනාගමන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කළ යුතු බවට SLT-MOBITEL යෝජනාකර සිටියි.

  • බහු ආකෘතික සංචාරක සැලසුම්
  • අන්තර්ජාල ප්‍රවේශපත් වෙන්කරවා ගැනීම්
  • බස්රථ සහ දුම්රිය තිබෙනා තැන නිශ්චිතව පෙන්වන ජංගම දුරකථන යෙදවුම්
  • නොමිලේ ස්ථානීය Wi-Fi පහසුකම්
  • මුදල් රහිත ගෙවීම්

සමගින් මෙරට ගමනාගමන ක්ෂේත්‍රයට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී අංශයක් බවට පත්වීමේ හැකියාව පවතී.

E-කෘෂිකර්මය

මෙරට ගොවි ජනතාවට රටේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට බාධා පමුණුවන ගැටලු රැසක් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව ජාතික ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ. අනපේක්ෂිත කාලගුණික වෙනස්වීම්, කෘමි සහ පළිබෝධ හානි, මිල පිළිබඳ ඇති අවිනිශ්චිතතාව, නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපහසුව ආදී කරුණු ගොවීන්ගේ ලාභයට සෘජු බලපෑමක් ඇතිකරන අතර, බෙදාහැරීමේ අකාර්යක්ෂමතාව සහ අසංවිධිතබව හේතුවෙන් ආහාර අධික ලෙස නාස්ති වීමට ලක් වේ.

මෙයට කදිම විසඳුමක් ලෙස SLT-MOBITEL සමාගම ගොවීන් හට පහසුවෙන් තොරතුරු සහ අදහස් ලබා ගත හැකි සහ විනිවිදභාවයෙන් යුතුව ගනුදෙනු සිදු කළ හැකි ආකාරයේ පදනමක් ලෙස 'හෙළවිරු' ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය හඳුන්වා දුන්නේය. තවද මෙවැනි සුහුරු ගොවි විසඳුම් හඳුන්වා දීම හරහා ගොවි ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කටයුතු කරමින් සිටියි.

E-සංචාරක කර්මාන්තය

SLT-MOBITEL සමාගම මෙරට සංචාරක අංශය ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා, මෙරටට පැමිණීමට අපේක්ෂාකරන සියලු සංචාරකයින් සඳහා තනි වෙබ් අඩවියක් එකක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. Centralized tourist center ලෙස මෙම වෙබ් අඩවිය එක සංචාරකයින් හට ඔවුන්ගේ සංචාරය සැලසුම් කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීමටත්, පෙර සැලසුම් කරන ලද විකල්ප සහිත Tuprist Guiders ලා සමග ඔවුන් සම්බන්ධ කිරීමටත් අවශ්‍ය පහසුකම් සපයනු ලබනවා. මෙරටට සංචාරය කරන සංචාරකයින්ගේ ratings & reviews ද මෙම වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කෙරෙන බැවින් එය සංචාරක කර්මාන්තයේ වර්ධනයට ද ඉවහල්වනු ඇත.

E-අධිකරණ හා නීතිමය කටයුතු

මුළුමනින් ම ඩිජිටල්කරණය කරන ලද අධිකරණ පද්ධතියක් යනු SLT-MOBITEL සමාගමේ යෝජිත විසඳුමයි. ඩිජිටල් වාර්තා තබා ගැනීමේ ක්‍රමවේදයක සිට වාණිජ මහාධිකරණවල නඩු විභාග කෙරෙන දින ස්වයංක්‍රිය කිරීම, ගමනාගමන ආදී අභියෝග ඇතිවන විට දෘශ්‍ය අන්තර්ජාල මාධ්‍යය විසඳුමක් ලෙස හඳුන්වා දීම සහ පොලිසිය වැනි වෙනත් ආයතන අතර ඩිජිටල් අනුකලනයක් ඇති කිරීම ආදී විසඳුම් මගින් මෙරටට වඩාත් කාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලියක් හඳුන්වා දිය හැකිය.

E-බැංකුකරණය

අන්තර්ජාලය ඔස්සේ වැඩි වශයෙන් රැකියාවේ නිරතවන ජීවත්වන තත්ත්වයක් තුළ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයින්ට සහ ව්‍යවසායකයින් හට අවස්ථාවලින් පිරුණු ලොවක් නිර්මාණය වී ඇත. අනාගත ඉල්ලුම සපුරාලීම සඳහා වත්මන් බැංකුකරණ සහ මුල්‍යයන අංශය පරිවර්තනයකට ලක් කිරීම සඳහාවන SLT-MOBITEL  සමාගමේ දැක්මට අනුව, මෙම තීරණාත්මක අංශය ඩිජිටල්කරණය කිරීමට කටයුතු කෙරෙනු ඇත. එමගින් මුදල් රහිත ගනුදෙනු බලගැන්වීම සහ වාණිජ කටයුතු ප්‍රවර්ධනය කිරීම අපේක්ෂිත වනවා.

Sources: Ada Derana

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara