2021 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන්නා ලෙස SLT-Mobitel පිදුම් ලබයි

2021 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන්නා ලෙස SLT-Mobitel පිදුම් ලබයි

2020 සහ 2021 වසරවලදී Covid-19 වසංගත තත්වයත් සමඟ ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවේද අන්තර්ජාලය භාවිතා කරන පිරිස වගේම අන්තර්ජාල භාවිතයත් වැඩි වි තිබෙනවා. මෙම තත්වය අන්තර්ජාල වේගය සදහාත් යම් ප්‍රමාණයකින් බලපා තිබෙනවා.

ලොව ප්‍රමුඛ අන්තර්ජාල වේග සමීක්ෂණ ආයතනයක් වන Ookla ආයතනය මඟින් සෑම වසරක් පාසාම එක් එක් රටවල් තුළ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ විවිධ සමීක්ෂණ සිදු කරනවා. මේ අයුරින් ශ්‍රී ලංකාවේ 2021 වසරේ සිදු කරන ලද, වේගවත්ම අන්තර්ජාල සේවා සපයන්නා තෝරාගැනීමට සිදු කළ සමීක්ෂණයේ ප්‍රතිඵල මීට නොබෝ දිනකට පෙර Ookla ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සපයන්නා තෝරාගැනීමේ සමීක්ෂණයේ ප්‍රතිඵල මෙසේ ය.

මෙහිදී SLT Mobitel ආයතනය විසින් 20.05 Mbps ක Average Download Speed එකකුත්, 8.47 Mbps ක Average Upload Speed එකකුත් වාර්තා කරමින් ලකුණු සටහනේ ලකුණු 23.32ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන්නා බවට පත්ව තිබෙනවා.

2020 වසරේදීත් දෙවන ස්ථානය හිමි කරගෙන සිටි Dialog ආයතනය මෙවරත් ලකුණු 15.05 ලබා ගනිමින් එම ස්ථානයේම පසු වෙනවා. 2020 වසරේදී මෙන්ම 2021 වසරේදීද තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් Hutch සහ Airtel විසින් හිමිකර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් 2020 වසරට සාපේක්ෂව SLT Mobitel සහ Dialog යන ආයතන දෙකම 2021 වසරේ අඩු ලකුණු හිමි කරගෙන ඇති නමුත්, Airtel සමාගමේ ලකුණු 6.35 සිට 8.34 දක්වා 1.99 කින්ද, Hutch සමාගමේ ලකුණු 7.64 සිට 8.66 දක්වා 1.02 කින්ද 2021 වසරේදී තම ලකුණු සංඛ්‍යාව වැඩි කරගැනීමට සමත්වී තිබෙනවා.

පසුගිය 2021 වසරේ 1වන කාර්තුවේ සිට 2වන කාර්තුව දක්වා කාලය තුළ Ookla ආයතනය විසින් සිදු කරන ලද මෙම සියලු සමීක්ෂණයන් වල ලකුණු ලබා දීම විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් සිදුකළ බව Ookla සමාගම තහවුරු කර සිටිනවා.

Source: Speed Test Awards by Ookla

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara