SLT-Mobitel සමාගම දැවැන්ත ලෙස පාඩු ලබයි

දුරකථන සන්නිවේදන කේෂ්ත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන SLT-Mobitel ආයතනය පසු ගිය කාර්තුවේ විශාල පාඩු ලබා තිබෙනවා.

SLT-Mobitel සමාගම දැවැන්ත ලෙස පාඩු ලබයි

දුරකථන සන්නිවේදන කේෂ්ත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන SLT-Mobitel ආයතනය පසු ගිය කාර්තුවේ විශාල පාඩු ලබා තිබෙනවා. 2023 වසරේ පළමු කාර්තුව තුළ ආදායම රු. බිලියන 2.2 ක් වූ අතර එම කාලය සඳහා වාර්තා වූ පාඩුව රු. බිලියන 1.5 ක් පමණ වනවා.

එයට ඔවුන්ගේ ජංගම දුරකතන ග්‍රාහක පිරිසේ අඩු වීම සැලකිය යුතු ලෙස බලපා තිබෙන අතර ඔවුන්ගේ ග්‍රාහක සංඛ්‍යාව ලක්ෂ දහයකින් පමණ අඩුවී ඇතැයි තොරතුරු වාර්තා වනවා.

SLT-Mobitel යනු රජය පෞද්ගලීකරණය සඳහා හඳුනාගෙන ඇති ආයතනයක් වනවා. වෘත්තීය සමිති සහ තවත් බොහෝ පාර්ශව එය පෞද්ගලීකරණයට විරුද්ධ වන්නේ එම සමාගම මීට පෙර ලාභ ලැබූ දැවැන්ත ආයතනයක්ව වූ තිබූ නිසාවෙනි.

මෑතකාලීන කළමනාකාරීත්වයේ වෙනස්කම් සමඟින් ග්‍රාහක පදනමේ සහ ආදායමේ පහත වැටීම නැවැත්වීමට SLT-Mobitel සමාගම කටයුතු කරන බවයි SLT-Mobitel සමාගමේ CEO ජානක අබේසිංහ මහතා Daily Mirror පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ.

Source: dailymirror.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna