Shazam කොහොමද වැඩකරන්නෙ?

Shazam කොහොමද වැඩකරන්නෙ?

Shazam  කියන්නෙ මොකක්ද දන්නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කෙටියෙන්ම  කලොත්  මේක අපි අවට play වෙන සින්දුව මොකක්ද කියලා අපිට හොයලා දෙන ඇප් එකක්.  අපිට සින්දුවට හුරු ගතියක් ආවට නම මතක් වෙන්නෑ ගූගල් කරලා ඩවුන්ලොඩ් කරගන්න ඒ වගේ වෙලාවට මේ ඇප් එක සැහෙන වැදගත් වෙනවා.

දැං මේක වැඩ කරන්නෙ කොහොමද කියලා බැලුවොත් මුලින්ම කියන්නොන කම්පැනි එකට මිලියන 8කට  වඩා වැඩි සෝංස් ලයිබ්‍රි එකක් තියෙනවා ඒ ටික මේගොල්ලො ටෙක්නික් එහෙකට සිම්පල් නියුමරික් සිග්නෙචර්ස් වලට හදාගන්නවා ( හැම ට්‍රැක් එහෙකටම එකිනෙකට වෙනස් සිග්නෙචර් එකක් තියෙනවා ) මෙතන කරන මූලිකම දේ තමා හැම සින්දුවකටම යුනීක් ෆින්ගර්ප්‍රින්ට් එකක් හදන එකලු Andrew Fisher Shazam CEO කියන්නෙ.

ඊට පස්සෙ අපි ඇප් එක ඕපන් කරලා සින්දුව ඇහෙන පැත්තට අපේ ඩිවයිස් එක අල්ලගෙන ඉදියහම අර උඩ කියපු මෙතඩ් එකටම ඒ ඇහුන එකටත් සිග්නෙචර් එකක් හැදෙනවා ඊට පස්සෙ තප්පර ගානක් ඇතුලදි පොඩි පැටර්න් මැචිං එහෙකින් Shazam ලගේ ලයිබ්‍රිස් ඒගොල්ලො සර්ච් කරලා ඒ ජෙනරේට් වෙච්ච කෝඩ් එකට ගැලපෙන් සින්දුව අපිට පෙන්නවා.

Shazam මඟින් ගීතයක් හඳුනා ගන්නා ආකාරය - Source Google.com

උඩ කිව්වා වගේ අවට ප්ලෙයි වෙන සින්දු විතරක් නෙමේ මූවිස් වල යන තීම් සෝංස් වගේ දේවලුත් මේකට රෙකග්නයිස් කරගන්න පුලුව තාම යුස් කරලා නැත්තම් යුස් කරලා බලන්න කියලා තමා කියන්න වෙන්නෙ.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara