Wallpaper එකකින් Android mobiles soft-brick වෙයි

Wallpaper එකකින් Android mobiles soft-brick වෙයි

අවවාදයයි!මේ bug එක බරපතල ගැටළුවක් බැවින් අවධානයෙන් කටයුතු කරන්න.

ටිකක් වෙනස් හැබැයි භයානක Android bug එකක් ගැනයි මේ.

ඒ තමයි, ඉහත තියෙන photo එක android phone එකේ wallpaper එකට දාපු ගමන් phone එක crash වෙලා boot වෙන්න බැරි වෙනවා.

මේ ගැන ඉස්සල්ලම කිව්වේ twitter එකේ ප්‍රසිද්ධ leaker කෙනෙක් වන IceUniverse විසින්. එහිදී බොහෝ දෙනෙක් තහවුරු කරලා තියෙනවා, තමන්ගේ devices වලටත් මේ දේ වුණා කියන එක.

ඒ වගේම ඔහු සඳහන් කර තිබුනේ Weibo වලට මෙය upload කරන විට (වම) පැහැය වෙනස් වූ බවත් Twitter වලදී (දකුණ) එහි වෙනසක් නොවූ බවත්ය.

නමුත් තමන්ගේ Mate 20 Pro smartphone එකට නම් මේකෙන් බලපෑමක් නැති බව Android Authority වෙබ් අඩවියේ Bogdan Petrovan කියලා තිබුණා.

Wallpaper bug එක Pixel 2 එකකදී

Twitter user කෙනෙක් වෙන Sebastian කියලා තිබුනේ Android Studio emulator එකේ දී පවා මේ wallpaper එක ප්‍රශ්න ඇති කරන බවයි.

Bug එකට මුහුණ දුන් Samsung Galaxy S20 Ultra එකක්

ඇතැම් අයට

  1. Safe Mode
  2. Camera එක open කර
  3. Photo එකක් ගෙන
  4. එය Homescreen හා Lockscreen සෙට් කිරීම
  5. Restart කිරීම

මගින් මෙය විසඳුනු බව කියා තිබුනා.

iPhone වලට මෙයින් බලපෑමක් ඇති වී නෑ.

කෙසේ හෝ තවම කව්රුත් මේකට හේතුව හෝ මේ bug එක බලපෑ බොහෝ devices Factory Reset නොකර බේරගන්න ක්‍රමයක් දක්වා නෑ.

එතෙක්  වගකීම් සහගත පුද්ගලයෙක් ලෙස ඔබ මේ ගැන අනෙක් අයට දැනුම් දීමටත් මෙහි original photo එක share නොකිරීමටත් වග බලාගන්න. මොකද යමෙකුගේ phone එකේ ඔහුට/ඇයට මිල කල නොහැකි දේවල් තිබෙන්න පුළුවන්.

ඒ වගේම මේක හැමෝටම බලපාලා තිබ්බෙත් නෑ.

පහතින් මේ සිද්ධියට මුහුණ පෑ තවත් ජංගම දුරකථන හිමියන්ගේ Tweets ඔබට නැරඹිය හැක.

ඇත්තටම අවධානමක ගන්න කැමති අය ඉන්නව නම් පල්ලෙහා ලින්ක් එකෙන් මේ ඉමේජ් එක අරගෙන බලන්න පුලුවන්. ඒත් අපි නම් අනුමත කරන්නේ නෑ සහ සිදුවන හානි වලට අපි වගකියන්නෙත් නෑ

https://drive.google.com/file/d/11rxzYvPcIOh_8GvS4XSC3YtbW3CecE-O/view

Source - Android Authority | IceUniverse on Twitter

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara