මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමුනින්ම ඉවත් කිරීමෙන් පසු PayPal සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ හැකියාව පවතින බව රජය විසින් පවසයි

මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමුනින්ම ඉවත් කිරීමෙන් පසු PayPal සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ හැකියාව පවතින බව රජය විසින් පවසයි

ඊයේ(10) පැවති කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීයෙක් PayPal පහසුකම ශ්‍රී ලංකාවට ලබාගත හැකි කාලය සම්බන්ධයෙන් යොමු කල ප්‍රශ්නයක පිළිතුරැ ලෙස සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඉතා නුදුරෙදිම PayPal පහසුකම නිල වශයෙන්ම ලංකාවට ලබා ගැනිමට හැකියාව ඇති බවයි.

නමුත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ මෙතෙක් PayPal පහසුකම ලබා නොගැනිමට හේතු දෙකක් ප්‍රධාන වශයෙන් පවතිව බවයි. ඒ මේ හරහා ත්‍රස්තවාදය සදහා ජාත්‍යන්තර වශයෙන් මුදල් එකතු කිරිමට අවස්ථාව ලැබිමත්, මුදල් විශුද්ධිකරණය මේ හරහා සිදුවිමටත් ඉඩ ඇති නිසා බව අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කර ඇති බවට ආරක්ෂක ලේකම්වරයා සහතික කර ඇති බවත්, කුඩු ජාවාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මුලුමනින්ම තුරන් කිරිමට කටයුතු කරගෙන යන බවත් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇති බවත් මෙහිදි ඇමතිවරයා පැවසුවා. දැනට පවතින තත්වය අනුව මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරිමෙන් පසු ශ්‍රී ලංකාවට PayPal පහසුකම ලබා ගැනිමට හැකියාව පවතින බවත්, PayPal පහසුකම ලංකාවට ලබාගැනීම වෙනුවෙන් තමන්ද අවධානය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව තමන් උනන්දුවෙන් සිටින බවත් පැවසුවා.

මේ අනුව නුදුරු අනාතයේදිම නිල වශයෙන් ශ්‍රී ලංකාවට PayPal පහසුකම හිමි වේ යැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Colombo Times, Colombo Gazette

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara