අපි හැමෝම පාවිච්චි කරන මේ Secure Digital Card කියන්නේ මොනවද?

අපි හැමෝම පාවිච්චි කරන මේ Secure Digital Card කියන්නේ මොනවද?

Secure Digital Card අනිවාර්යයෙන් මේක ගොඩක් අය අහල නැති වචනයක්. ඇත්තටම මොකක් ද මේ Secure Digital Card කාඩ් කියන්නේ. අපි නම් ඉතින් මේක⁣ට කියන්නේ SD Card එකක් නැත්තම් Chip එකක් කියලනේ.

SD Card එකක් කියන්නේ Tablet එකක, PC එකක, Cameraවක හෝ Smartphone එකක ඇති දත්ත ගෙනයාමට / ප්‍රවාහනය කිරිම සදහා අතේ ගෙනයා හැකි වන පරිදි නිර්මාණය කල කුඩා portable storage එකක් කියල සරලවම කියන්න පුළුවන්.

SD Card පතක් කියන්නේ secure data card එනම් ආරක්ෂිත දත්ත කාඩ් පතකි. මේවා Regular Format, Mini Format හා Micro format කියන ආකාර තුනෙන් දැක ගන්න පුළුවන්. Computer වලට මේ SD කාඩ්පත ඇතුලු කිරිමට නම් ඒ සඳහා standard-size adapter SD Card එකක අවශ්‍ය වනවා. මේ මගින් අපිට අපගේ දත්ත ඉතා පහසුවෙන් විවිධ Device අතර හුවමාරු කර ගැනිමේ හැකියාව ලැබෙනවා.

වර්තමානයේ බොහෝ විට දකින්න ලැබෙන්නේ Standard SD Card සහ Micro SD Card. Standard Micro SD කාඩ්පතක් 32*24 mm ප්‍රමාණයේ වන අතර Micro SD Card පතක් 15*11 mm ප්‍රමාණයේ වේ.

වර්තමානයේ දි Standard SD Card බොහෝ විට භාවිත වන්නේ පරිඝණක හා කැමරා ආශ්‍රිතවයි. ඒ වගේම Micro SD Card නම් බොහෝ විට Smartphone, Speakers, Mini Music Players ආදියේ භාවිත වෙනවා. අන්තර්ජාල සබදතාව සහිත සැම Devices එකකම Storage එක විදිහට බොහෝ විට ක්‍රියා කරන්නේ මේ SD Card පතකුයි. බෙහෝ විට එය Micro SD කාඩ්පතක් වෙනවා.

SD කාඩ්පත මත දත්ත ගබඩා කිරිමේ හැකියාව හා වේගය එහි පවතින කුඩා Chips මත රදා පවතනිවා. මේ SD කාඩ්පත් මත කුඩා පරිපථ පුවරැවක් පවතින අතර එය මගින් දත්ත ගබඩා කර ගනිම හා නැවත ලබා දිම සිදු වෙනවා.

ප්‍රධාන වශයෙන් SDHC හා SDXC විදිහට SD කාඩ්පත් වර්ග 02 ක් හදුනා ගන්න පුළුවන්. මේ වර්ග මත එම කාඩ්පතේ ධාරිතාවය තීරණය වෙනවා.

SDHC ආකාරයේ SD කාඩ්පත් මගින් 32GB දක්වා Storage පහසුකමක් ලබා දෙන අතර මේ වර්ගයේ SD කාඩ්පත් වෙළදපොල බහුලව දකින්න පුළුවන්. මෙය බොහෝ විට Smartphone වැනි එදිනෙදා භාවිතා වන Devices වල දැක ගන්න පුළුවන්.

SDXC ආකාරයේ SD කාඩ්පත් කියන්නේ තරමක් විශාල Storage එකකට හිමිකම් කියන SD කාඩ්පත් වර්ගයක් විදිහට දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කාඩ්පත්වල උපරිම Capacity එක 2TB පමණ වනවා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara