ආසන වෙන් කිරීමේ තොරතුරු ලබාගැනීමේ පහසුකම සමඟින් RDMNS.LK App එකේ නවතම Beta සංස්කරණය නිකුත් වේ

ආසන වෙන් කිරීමේ තොරතුරු ලබාගැනීමේ පහසුකම සමඟින් RDMNS.LK App එකේ නවතම Beta සංස්කරණය නිකුත් වේ

එදිනෙදා දුම්රිය භාවිත කරන සියලු දෙනාගේම ස්මාර්ට් ජංගම දුරකථනවල සුලබව දකින්න ලැබෙන RDMNS App එක පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නොමැති වනවා. ඒ වගේම ඔබට මතක ඇති මීට පෙර, පසුගිය වසරේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි සවිස්තරාත්මක දුම්රිය කාලසටහන හදුන්වාදෙනු ලැබුවා.

පසුගිය සමයේදී බොහෝ දෙනා ඉල්ලු Seat Reservation Details විශේෂාංගය සහ ඉංග්‍රීසි භාෂාව RDMNS App එක සඳහා නිල වශයෙන් මේ වන විට ලබාදී තිබෙනවා.

මේ නව Seat Reservation Details නැතිනම් ආසන වෙන් කිරීමේ තොරතුරු ලබාගැනීමේ පහසුකම මගින් ශ්‍රී ලංකාවේ ආසන වෙන් කිරීමේ පහසුකම් සහිත සියලුම දුම්රිය සේවා වල සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනිමේ හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ ප්‍රවේශපත් ගාස්තු, දුම්රිය මැදිරි තුලට පිවිස නැරඹීමේ හැකියාව, ඡායාරූප දර්ශන, ආසන වර්ග, ආසන අංක, දුම්රිය ආසන වෙන් කිරීම සඳහා උපදෙස් ආදී තවත් බොහෝ සේවාවන් රැසක් ලබා ගත හැකි වනවා.

ඒ වගේම මීට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් මේ App එක භාවිත කිරිමේ හැකියාවත් මේ සමඟ ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ පහසුකම හඳුන්වා දීමත් සමඟින් රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහය තුළ සටහනක් තබමින් විරාජ් හර්ෂණ මහතා විසින් සඳහන් කර සිටින්නේ වසරක් පුරාවට සිදු කරන ලද ව්‍යාපෘතියක ප්‍රථිපල වශයෙන් මෙලෙස ජනතා අයිතියට පත්වන මෙම විශේෂාංගයේ පළමු පරීක්ෂණ එළිදැක්වීම මේ වන Apple App Store / Google Play Store / Huawei App Gallery ඔස්සේ RDMNS App එක Update කිරීම මගින් ලබාගත හැකි බවත් මේ පළමු පරීක්ෂණ එළිදැක්වීමේදී ඔබට මතුවන ගැටළු, යෝජනා, චෝදනා සහ අදහස් ඔවුන් වෙත ලබාදෙන ලෙසයි.

තවමත් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය RDMNS.LK App එක ලබා ගෙන නොමැති නම් දැන්ම Apple App Store, Google Play Store හෝ Huawei App Gallery වෙත පිවිස RDMNS.LK App එක Download කර ගන්න.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna