2025 වන විට Samsung සමාගම භාවිතා කරන fingerprint scanner එක බිලියන 2.5 ගුණයකින් ආරක්ෂිත වනු ඇතැයි වාර්තා ​වේ

2025 වන විට Samsung සමාගම භාවිතා කරන fingerprint scanner එක බිලියන 2.5 ගුණයකින් ආරක්ෂිත වනු ඇතැයි වාර්තා ​වේ

Samsung සමාගම විසින් වර්තමානය වන විට ඔවුන්ගේ Smart Phone Series රැසක් සදහාම Display Fingerprint පහසුකම ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ In Display Fingerprint පහසුකමේ යම් යම් ගැටලු පවතින අතර Samsung සමාගම විසින් සැම විටම ඔවුන්ගේ මේ in Display Fingerprint Feature එක වැඩි දියුණු කරමින් සිටිනවා.

ඒ අනුව ඔවුන් විසින් මේ Fingerprint Feature එකේ ආරක්ෂාව වැඩි කිරීම සදහා එක් වරකට එක ඇගිල්ලක් වෙනුවට ඇගිලි කිහිපයක Fingerprint ලබා ගැනිම පිළිබඳ කටයුතු කරමින් සිටිනවා. එනම් මුලු Screen එකෙන්ම Fingerprint කිහිපයක් එක වර ලබා ගත හැකි ලෙස Display සැකසීමයි.

මීට මාස කිහිපයකට පමණ පෙර Samsung සමාගම විසින් All in One Fingerprint Solution එකක් වන OLED 2.0 Next Generation Display පිළිබඳ තොරතුරු එළිදැක්විම කටයුතු කරනු ලබුවා. මේ තාක්ෂණය මගින් OLED Display එකෙන් එකවර ඇගිලි කිහිපය Fingerprint ලබා ගැනිමේ හැකියාව Smart Phone සදහා ලැබෙනවා.

ඔවුන් විසින් දක්වා ඇති තොරතුරුවලට අනුව මෙලෙස ලබා ගන්නා Fingerprints, එක් ඇගිල්ලකින් පමණක් ලබා ගන්න Fingerprint එකට සාපේක්ෂව 2,500,000,000ක පමණ ගුණයකින් ආරක්ෂාකාරී බවින් වැඩි වෙනවා. මෙම තාක්ෂණයට අනුව මුලු Display එක තුලින්ම Fingerprint ලබා ගත හැකි වන අතර ඒත් සමග වර්තමානයේ මෙන් Display එකේ යම් නිශ්චිත ස්ථානයක ඇගිල්ල තැබිමේ අවශ්‍යතාවය ඉවත් වි යනවා.

තවමත් Samsung සමාගම විසින් ඔවුන්ගේ මේ All in One Fingerprint Scanner Solution එක Smart Phones සදහා ලබා දීමට බලාපොරොත්තු වන දිනයක් පිළිබඳව තොරතුරු නිල වශයෙන් නිකුත් කර නොමැති වුවත් ISORGහි CEOට අනුව මේ පහසුකම 2025 වසර පමණ වන විට Samsung සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකථන සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Gizmochina, SamMobile

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara