Pixel 7 එකේ Google Tensor 2 Chip එකත් Samsung වෙතින්?

Pixel 7 එකේ Google Tensor 2 Chip එකත් Samsung වෙතින්?

Smartphone ක්ෂේත්‍රයේ ටිකක් වෙනස් විදියේ දැවැන්තයෙක් වන Google පසුගිය වසරේ Pixel 6 එකත් සමග Tensor SOC අයුරින් බලගැන්වෙන පළවෙනි Google Chipset එක එළි දැක්වූවා ඔබට මතක ඇති. එසේම Pixel 6 හා Pixel 6 Pro ගැනත් අපි ඔබට තොරතුරු ගෙන ආවා.

පසුගිය වසරේ එළි දැක්වුණු මේ 1st Gen Tensor SOC Chip එක Snapdragon 888 හෝ Apple Bionic 15 තරම් බලවත් නොවුනත් GPU හැකියාවන් අතින් මේ එක බොහෝ සෙයින් ඉදිරියෙන් සිටියා. මෙවර Pixel 7 සමග පැමිණෙන දෙවන පරම්පරාවේ Tensor Chip එක ගැන අලුත්ම තොරතුරු වාර්තා වෙනවා

Tensor 2 Chip එක Samsung සමාගම විසින් නිපදවන බව කොරියාවේ DDailyගේ වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ. ඒ Tensor 2 Chip එක 4nm Chip එකක් විය හැකි අතර එසේම පෙර Chip එක 5nm ද විය. Tensor 2 Chip එකෙන් Power Effecient සහ හොඳ Performance එකක් අපේක්ෂා කළ හැකි බව "කියැවෙනවා".

පසුගිය වසරේ CPU/GPU අතින් ඉදිරියෙන් සිටි Tensor 1 Chip එක Tensor 2 හිදී ද එයට සමාන හෝ තරමක් වැඩි Performance දැක්විය හැකි බව වාර්තා වන අතර එය මගින් Pixel 6 හා Pixel 7 Series වල මිල සමාන ව තබා ගැනීමට හැකිවනවා.Google ඉදිරි Chipset පිළිබඳව තවම තොරතුරු වාර්තා වී නැතත් AI වල වැඩි දියුණුවක් අපට අපේක්ෂා කළ හැකිය.

මේ වසරේ මේ Tensor 2 Chipset එකත් සමග පැමිණෙන Pixel 7 Structure එක 2022 Google I/O හිදී අපි දුටුවා සේම එහි Performance කෙසේ වේදැයි අපි බලමු.

Source: BeeBom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara