Galaxy Watch 4 මාදිලිය සහ ඉදිරියේදී එලිදක්වන wearables සඳහා​ද වසර 4ක් දක්වා OS updates ලබා දෙන බව Samsung සමාග​ම තහවුරු කර​යි

Galaxy Watch 4 මාදිලිය සහ ඉදිරියේදී එලිදක්වන wearables සඳහා​ද වසර 4ක් දක්වා OS updates ලබා දෙන බව Samsung සමාග​ම තහවුරු කර​යි

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Smart Phones සමග වසර හතර කාලයක් සදහා Android OS Updates ලබා දීමට කටයුතු කරන බව අපි ඔබට වාර්තා කළා.

ඒත් සමඟම ඔවුන්ගේ නවතම Galaxy Watch 4 සහ ඉදිරියේදී නිකුත් වන Galaxy Watches සඳහාත් වසර හතර කාලයක් සදහා OS Updates ලබා දීමට සුදානම් බව පෙබරවාරි 09 පැවති Galaxy S22 Launching Event එකේදී නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව Galaxy Watch 4, Galaxy Watch 4 Classic සහ ඉදිරියේදි එළිදැක්වීමට නියමිත Galaxy Watch Series සඳහා මෙලෙස වසර 04ක කාලයක් සදහා OS Updates ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Samsung සමාගම විසින් මෑතකදී Watch4 Series එක සඳහා නව OS Update එකක් ලබා දුන් අතර ඒ මගින් නව Interval Training Modes, Sleep Coaching Program සහ නව Watch Faces ලබා දෙන ලදී.

Source - GSM Arena, Samsung Newsroom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna