Samsung දුරකතන භාවිතා කරන්නන් බහුලවම භාවිතා කරන password එක Samsung බවට වාර්තා ​වේ

Samsung දුරකතන භාවිතා කරන්නන් බහුලවම භාවිතා කරන password එක Samsung බවට වාර්තා ​වේ

Android වැඩකාරයෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා මේ වන විටත් දන්නවා කොහොමද Strong Password එකක් හදා ගන්නේ වගේම, ඒ Passwords අමතක නොවි ආරක්ෂා කර ගන්නා ආකාරයත්, කෙසේ වෙතත් Samsung ජංගම දුරකථන පරිශීලකයන් ඇසුරෙන් කරනු ලැබු අධ්‍යනයකට අනුව ඔවුන් භාවිතා කරන Passwords පිළිබඳව අමුතුම තොරතුරුක් ⁣හෙළිවි තිබෙනවා.

Password Management Solution සමාගමක් වන Nordpass සමාගම විසින් සිදු කර ඇති මේ අධ්‍යනය අනුව Samsung ජංගම දුරකථන පරිශීලකයන් විසින් බහුලවම භාවිත කරන Password එක ලෙස "samsung" බවට වාර්තා වෙන​වා. ඒ වගේම මෙය රටවල් 30කට වැඩි සංඛ්‍යාවක Samsung ජංගම දුරකථන පරිශීලකයින් අතර බහුලව භාවිත වන බවත් වැඩි දුර වාර්තා වනවා.

මීට අමතරව 2019 වසරේදී "samsung" Password එක බහුලවම භාවිත වන Passwords අතර 189 වන ස්ථානයේත්, පසුගිය 2021 වසර වන විට බහුලවම භාවිත වන Passwords අතර 78 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස යම් ඉලෙක්ට්‍රෝනික උපකරණ Password එක සදහා එම උපකරණයේ නම හෝ එම සමාගමේ නම භාවිත කර Password යෙදිම නම් කිසිසේත්ම ආරක්ෂිත වන්නේ ​නෑ.

මෙලෙස samsung යන්න Password එක සදහා භාවිත කරන ලද Password Decrypt කිරිම සදහා තත්පරයකටත් වඩා අඩු කාලයක් ගත වන බවත් දැක්විය යුතුයි.

ඉතින් ඔයාත් මේ වගේ දුර්වල Passwords තාමත් භාවිත කරනවා නම් අපේ 'Strong Password එකක් හදාගමු' කියන ලිපිය කියවලා දැන්ම හොද ආරක්ෂිත Password එකක් ඔයාම සකස් කර ගන්න.

Sources: www.sammobile.com www.androidauthority.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna