Foldable Smartphone සන්නාමයෙන් Z අක්ෂරය ඉවත් කිරීමට Samsung සමාගමේ සූදානමක්?

Foldable Smartphone සන්නාමයෙන් Z අක්ෂරය ඉවත් කිරීමට Samsung සමාගමේ සූදානමක්?

Samsung සමාගම විසින් 2019 වසරේදී ඔවුන්ගේ ප්‍රථම Foldable Smart Phone එක ලෙස Galaxy Fold Device එක හදුන්වා දෙ​නු ලැබුවා. ඉන් පසුව 2020 වසරේදී Galaxy Z Fold 2 හා Galaxy Z Flip හදුන්වා දෙමින් ඔවුන්ගේ Foldable Smart Phones සදහා Galaxy Z Series එක හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව 2021 වසරේදී Galaxy Z Fold 3 හා Galaxy Z Flip 3 කියන Smart Phones නිකුත් කළ අතරම මේ වසරේදි මේ Galaxy Z Series එකේ මිලග Devices ලෙස Galaxy Z Fold 4 හා Galaxy Z Flip 4 එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් Samsung සමාගම තුලි​න් වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව ඉදිරියේදි ඔවුන්ගේ Foldable Smart Phones, Galaxy Z නමින් හදුන්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි වෙනවා. ඒ අනුව එදිරි සතියේදී එළිදැක්වීමට නියමිත Foldable Smart Phones Galaxy Fold 4 හා Flip 4 ලෙසින් 'Z' අක්ෂරය නොමැතිව නම් කරනු ඇත. එනම් ඉන් පසුව ඉදිරි Fodder Smart Phones සදහා 'Z' අක්ෂරය භාවිත නොවනු ඇත.

මේ පිළිබඳ හේතු ලෙස පළවෙන්නේ රැසියානු හමුදාවන් විසින් "Z" අක්ෂරය භාවිත කිරිමයි. එමෙන්ම මෙම "Z" අකුර රැසියාව විසින් යුක්රේනයට එරෙහිව සිදු කරන ලද යුද්ධයේදී ද රැසියානු හමුදාවන් විසින් භාවිත කළ බැවින්, ඔවුන් විසින් "Z" අකුර "za pobedu" නැතිනම් ජයග්‍රහණය සදහා යන අර්ථය සහිතව භාවිත කරන බැවින් මෙලෙස Samsung සමාගම කටයුතු කිරිමට සුදානම් වෙන බව දක්වන්න පුලුවන්.

එමෙන්ම Samsung සමාගම විසින් ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව වැනි යුරෝපීය රටවල් සදහා නිකුත් කරන Galaxy Foldable Devicesවලින් මේ වෙන විටත් "Z" අකුර ඉවත් කර තිබෙනවා. ඒ අනුව Galaxy Fold 3 හා Flip 3 එම රටවලට නිකුත් කර තිබෙන්නේ ඒ ආකාරයටයි.

Sources: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara