Samsung සමාගම විසින් මාර්තු 17 දි​න නව Galaxy A මාදිලියේ ජංගම දුරකතන මාලාවක් එලිදැක්වීමට සූදානම් ​වේ

Samsung සමාගම විසින් මාර්තු 17 දි​න නව Galaxy A මාදිලියේ ජංගම දුරකතන මාලාවක් එලිදැක්වීමට සූදානම් ​වේ

Samsung සමාගමේ Galaxy A Series එක කියන්නේ වර්තමානය වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන Budget & Mid Range Smart Phone Series එක විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මේ Galaxy A Series එක සදහා Samsung සමාගම විසින් මේ වසරේදි Galaxy A33, Galaxy A53 සහ Galaxy A73 හදුන්වා දිමට සුදානමින් සිටින බවට පසුගිය කාලය පුරාවටම තොරතුරු වාර්තා වුවා. ඉන් Galaxy A53 Device එක පිළිබඳ අප මීට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

Samsung සමාගමේ මේ Galaxy A Series එක සදහා වු Promo Poster එකක් පසුගිය දිනක Leak වි තිබෙන අතර එය Industry-famous Leakster කෙනෙක් වෙන Evleaks විසින් ඔහුගේ Twitter ගිණුම ඔස්සේ පළ කර තිබෙනවා.

ඒ අනුව 2022 වසර සදහා වෙන Galaxy A Series Devices මාර්තු මස 17 වෙන දින නිල වශයෙන් එළිදැක්විම සුදානම් බව සදහන් වෙනවා. ඒ වගේම පසුගිය වසරේ Galaxy A52 හා Galaxy A72 Devices එළිදැක්වනු ලැබුවේත් මාර්තු 17 වෙනි දිනයි. කෙසේ වෙතත් මේ තොරතුරු නිල වශයෙන්ම නිකුත් වු තොරතුරක් නොවන බැවින් ඉදිරි දින කිහිපය තුල මේ පිළිබඳ නිල තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ Poster එක මගින් මේ Series එකේ කිසිදු Specification එකක් පිළිබඳ තොරතුරු පළ කර නොමැති වෙන අතර මේ Series එක ඔස්සේ Display එකේ, Camera Setup එකේ Improve එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙනවා.

Source: Gizmochina, Gsm Arena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara