Fingerprint තියන Portable SSD එකක් Samsung T7 Touch

Fingerprint තියන Portable SSD එකක් Samsung T7 Touch

ඔයගොල්ලො හැමෝම Portable Storage Device ගැන දන්නව ඇති කියල හිතනවා. Hard disk drive එකක සහ Solid state drive එකක වෙනසත් දන්නව ඇතිනෙ දැනටම. අද මේ කියන්න යන්නෙ Samsung සමාගමෙන් හඳුන්වල දීපු Portable SSD එකක් ගැන. මේකෙ විශේෂත්වය තමයි ඔයාට පුළුවන් මේක ඔයාගෙ fingerprint එක භාවිතා කරලා ලොක් කරන්න. ඔයාට ඔයාගෙ Data ගැන වද වෙනන් ඕන නෑ.

මේකෙ තියෙන USB 3.2 Gen 2 තාක්ෂණය නිසා 1050/1000 MB/s වේගයකින් දත්ත ලියන්නත් කියවන්නත් මේ Device එකට පුළුවන් වෙනවා. මේ දත්ත එක්ක බැලුවම මේක Samsungලගෙම T5 කියන Portable SSD එකට වඩා දෙගුණයක් වේගවත්. ඒ වගේම සාමාන්‍ය HDD එකකට වඩා 9.5වරක් වේගවත්.

‌මේ SSD වල කිසිම මැකෑනිකල් පාට් එකක් නැති නිසා මේ device එක පලලින් 57mm කුත් උසින් 85mm කුත් ඝනකමින් 8mm කුත් තමයි වෙන්නෙ. ෆෝන් එකකටත් වඩා පොඩියි. ඒ වගේම මේකෙ බර 58g විතරයි.‌

මේකෙ තියන fingerprint එකත් එක්ක මේ device එක AES 256-bit දෘඩාංග ආරක්ෂාවකිනුත් සමන්විතයි. මේ වෙනකන් වෙළඳපොලට හඳුන්වලදීපු නිර්මාණවත්ම ආරක්ශිතම Portable SSD Storage Device එක මේක කියල තමයි එයාලා කියන්නේ.

මේකෙ සම්පූර්ණයෙන්ම යකඩ බොඩි එකක් තමයි තියෙන්නේ. ඒ නිසා 2m උඩ ඉඳන් වැටුනත් මේකට කිසිම හානියක් වෙන්නේ නෑ කියල Samsung සමාගම කියනවා. මේකට සමාගමෙන් අවුරුදු තුනක වගකීම් කාලයකුත් ලබාගන්න පුළුවන් ඔයාලට.

මේ Samsung T7 Touch SSD එක ඔයාලට 500GB , 1TB වගේම 2TB කියන ප්‍රමාණ වලින් ලබාගන්න පුළුවන්. ඒ වගේම මේක දැනට තියන ඕනම OS Platform එකක් එක්ක වැඩ කරනව කියල සමාගම කියනවා.

මේකෙ 500GB එක $119.99 කටත් 1TB එක $219.99කටත් 2TB එක $379.99කටත් ඔයාලට ගන්න පුලුවන්. මේ ගනන් මේ විදියටම ලංකාවෙදි බලාගන්න පුළුවන් වෙන එකක් නම් නෑ.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara