Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

Apple පරදා Samsung ය​ලි ගෝලීය දුරකතන වෙළඳප​ලේ අංක එකට

දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්තා වලින් පසු බැස ඇති බව නවතම IDC වාර්තා හරහා දැක්වෙනවා. ඒ අනුව ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේ​දී මිලියන 50.1ක දුරකතන ප්‍රමාණයක් අලෙවි කිරීමට සමත් වී ඇති අතර පසුගිය වර්ෂයේ පළමු කාර්තුවේදී ඇපල් සමාගම විසින් දුරකතන මිලියන 55.4ක් අලෙවියක් සිදු කර ඇත.

2024 පළමු කාර්තුවේදී 20.8%ක වෙළඳපල කොටසක් සතු කරගනිමින් ප්‍රථමස්ථානයට Samsung සමාගම පත්වන විට, Apple සමාගමට හිමි වී ඇත්තේ 17.3%ක වෙළඳපල කොටසක් පමණයි. Xiaomi සමාගම තෙවන ස්ථානයට පත්ව ඇත්තේ 14.1%ක වෙළඳපල කොටසක් හිමිකරගනිමිනි. මේ අතරේදී Transsion, එනම් TECNO, itel සහ Infinix එකතුව හතරවන ස්ථානයට පත්ව ඇත. පසුගිය කාලයේ පැවති වසංගත තත්වයට පසුව ගෝලීයේ ජංගම දුරකතන වෙළඳපලේ ධනාත්මක වර්ධනයක් ලෙස මෙම වාර්තාවෙන් දක්වා සිටින අතර පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වර්ෂයේ පළමු කාර්තුවේ දුරකතන අලෙවිය 7.8%කින් වර්ධනය වී ඇත.

Source: www.idc.com www.androidauthority.com www.cnet.com

Read more

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් බලන්න, එන්න Virtual Vesak කලාපයට

ගෙදර ඉදන්ම වෙසක් කලාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ දෙවන 3D Virtual Vesak Simulation එක මෙවරත් නිර්මාණය කරන්න කටයුතු කර තිබෙනවා

By Bhasura Nuwan Kularathna
Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna