Samsung Singapore Device වල ඇයි Updates Late? ඔන්න පිලිතුර.

Samsung Singapore Device වල ඇයි Updates Late? ඔන්න පිලිතුර.

Samsung Singapore Device Use කරන අයටයි ඉදිරියේදි Samsung Device ගන්න ඉන්න අයටයි පොඩි දැනුම් දීමක් කරන්න මේ පොස්ට් එක දාන්නේ. ඔයාලා Lanka වෙන් Company Warranty එක්ක Device එකක් ගන්නවා නම් මේ ගැටලුව අදාල වෙන්නෙ නෑ. Shop Warranty යටතේ Device එකක් ගන්නවා නම් මේ මං කියන්න යන දේ අදාල වෙයි.

මේක Device වල වත් Durability වල වත් ගැටලුවක් නෙමේ Samsung Singapore ( SIN/XSP/STH/BGD/XSO ) යන Software Region එක යටතේ තියෙන Device වලට Updates එනවා සාමාන්‍යෙන් ටිකක් පරක්කුයි. ටිකක් කියන්නේ සමහර විට මාස දෙක තුන වගේ පරක්කු උන වෙලාවල් වාර්තා වෙලා තිබෙනවා. එහෙම Device එකක් Use කරන අය ඉන්නවා නම් දුක් වෙන්න එපා Updates ලැබෙන්නේ නැ කියලා කියන්නේ නැ මෙතනින් ඒත් Updates එන්න ට්කක් Late වෙනවා. ඒ නිසා ගොඩක්ම Shop Warranty යටතේ විශේෂයෙන්ම Flagship Device ගන්න බලාගෙන ඉන්නවා නම් අනිවාරෙන් මිලදී ගන්න කලින් මේ ගැන අහලා Confirm කරලම ගන්න SIN/XSP/STH/BGD/XSO නැතුව නම් වඩා හොදයි. ගොඩක් අය මගෙන් මේ ගැන අහලා තිබුනා ඒ වගේම Group එකෙ Post දාලා තිබුනා අන්න ඒ නිසා හැමෝටම පොදුවේ මේ ගැන දැනුවත් කරන්න තමා දැම්මේ.

විසදුමක් ලෙස ඔයාලට පුලුවන් නම් Samsung Members App එකෙන් Live Chat එකකට ගිහින් Complain කරන්න Updates ඉක්මනට එවන්න කියලා. ගොඩක්ම මේ ගැටලුවට යොමු වෙන්නේ Samsung Singapore Device Use කරන අයටත් වඩා Singapore වල ඉදන් Device ගෙන්නලා වෙන රටවල් වලින් මිලදී ගත් අයටයි. රට ඇතුලේ ඉන්න අයට Update එක ඇවිත් ටික දවසක් යන්න ඕනේ අනිත් රටවල් වල Singapore SIN/XSP/STH/BGD/XSO Device Use කරන අයට Update එක එන්න. ඉතින් දන්න කියන අයටත් මේ දේ කියලා දැනුවත් කරන්න.

Android වැඩකාරයෝ සමග රැදී සිටින කිසිම User කෙනෙක් ට පාඩුවක් වෙනවා දකින්න අපි කැමති නැ අන්න එකයි මේ ගැන අපි දැනුවත් කරන්න හිතුවේ.

සැ.යු. - මෙතන Singapore යනුවෙන් සදහන් කරේ Phone එක Made කරන රට නෙමේ ඔතනට සදහන් වෙන්නේ Software Region එක. ඒ කියන්නේ Phone එකට Software Updates Release කරන රට.

Settings - About Phone - Software Information - Service Provider SW ver. යටතේ ඔබට Software Region එක බලා ගත හැක.

steps to view software region android wedakarayo wadakarayo
Steps to view Software Region

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara