Tesla Cybertruck වල කැමරා sensors Samsung සමාගමෙන්, ගිවිසුම ඩොලර් මිලියන 500යි

Tesla Cybertruck වල කැමරා sensors Samsung සමාගමෙන්, ගිවිසුම ඩොලර් මිලියන 500යි

දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයා වෙන Samsung සමාගම හා ඇමරිකානු විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙක් හා ලොව විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා වෙන Tesla සමාගම සමග ඩොලර් බිලියන භාගයකට ආසන්න වටිනාකමක් ගණුදෙනුවක් සදහා ගිවිසුම් ගත වි තිබෙනවා. මේ ගිවිසුම මගින් Tesla සමාගමේ විදුලි මෝටර් රථයක් වෙන Cybertruck රථය සදහා අවශ්‍ය Camera Sensors Samsung සමාගම විසින් සපයනු ලබනවා.

මීට පෙරත් Samsung සමාගම විසින් Tesla සමාගමේ විදුලි මෝටර් රථ සදහා අවශ්‍ය විදුලි බැටරි වැනි උපාංග සපයා තිබෙනවා. මේ නව ගිවිසුම් ගත විමට අනුව Samsung සමාගම විසින් Tesla සමාගමේ Cybertruck මෝටර් රථ සදහා අවශ්‍ය නව Camera Sensors සපයනු ලබන අතර ඉදිරියේදි Samsung සමාගම විසින් Tesla සමාගමේ නව විදුලි මෝටර් රථ සදහා අවශ්‍ය PixCell LED Headlamps ආදිය ලබා දිමටත් කටයුතු කරනු ඇතැයි වාර්තා වෙනවා.

මේ අනුව Samsung සමාගම විසින් මෑතකදි එළිදක්වන ලද නව ISOCELL Auto 4AC Image Sensor එක ඉදිරියේ වෙළෙඳපොලට නිකුත් වෙන Tesla සමාගමේ Cybertruck මෝටර් රථවල හා අනෙක් විදුලි මෝටර් රථවල අඩංගු වනු ඇත. මේ නව Samsung ISOCELL Auto 4AC Image Sensor එක මගින් ආරක්ෂිත රිය පැදවිමක් සදහා අවශ්‍ය දර්ශනවල Field of View වැඩි කිරිම සිදු වෙන අතර මේ Image Sensors මෝ⁣ටර් රථයේ විවිධ ස්ථානවල ස්ථානගත කල හැකි වෙනවා. මෙය අගල් 1/3.7ක Pptical Format එකකින් යුතු මිලියන 1.2 ක 3.0 µm Pixels ප්‍රමාණයකින් යුතු වෙනවා.

Source : Gizmochina, Sam Mobile, Samsung

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara