Samsung සමාගම විසින් තම NEON නම් Artificial Human බැංකුකරණ කටයුතු සඳහා යොදාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් එලිදක්වයි

Samsung සමාගම විසින් තම NEON නම් Artificial Human බැංකුකරණ කටයුතු සඳහා යොදාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් එලිදක්වයි

මේ වසර මුලදි Samsung සමාගම විසින් NEON නම් ඔවුන්ගේ Artificial Human එළිදැක්වීම සිදු කරනු ලැබුවා. Samsung සමාගමේ Artificial Human වෙන NEON කියන්නේ කෘතිම බුද්ධිය සහිත Device එකක් කිවොත් නිවරදියි. මෙය විශාල Portrait Screen එකකින්, 4K vision sensor, RGB status indicator, Hi-Fi speakers, හා Microphones ආදියෙන් සමන්විත වෙනවා.

ඒත් සමග මෙහි පවතින සෞඛ්‍ය, මුල්‍ය, ආරක්ෂක, වෙළෙඳාම හා තවත් ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක පවතින යෙදිම් හේතුවෙන් මෙය විශාල අවධානයක් ලබා ගැනිමට හේතු වුවා. දැන් දකුණු කොරියානු මුල්‍ය සමාගමක් වෙන Shinhan Bank සමග එක්ව එම ක්‍ෂේත්‍රයට අදාලව NEONගේ වැඩි දියුණු කිරිම් හා ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරමින් ඉන්නවා.

මේ පිළිබඳ Samsung සමාගම විසින් දක්වා ඇත්තේ Shinhan බැංකුවේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පුද්ගල කථන සදහාය හා මුල්‍ය උපදේශනය ඔවුන්ගේ Artificial Human වෙන NEON මගින් ලබා දෙන බවයි. ඔවුන් මේ පිළිබඳ Videoවක් ද නිකුත් කර තිබෙනවා.

Shinhan බැංකුව සදහා ලබා දි ඇති NEONට මිලග පරම්පරාවේ අත්දැකීමක් තම පාරිභෝගිකයන්ට ලබා දිමට අවශ්‍ය වෙන සියලු උපාංග හා හැකියා ලබා දි තිබෙනවා. ඒ අනුව Fingerprint Scanner එකක් card readers, Contactless payments ආදි පහසුකම් රැසක් මෙය සදහා ලබා දි තිබෙනවා.

Samsung සමාගම පවසන අාකාරයට ඔවුන්ගේ මේ නිෂ්පාදනයේ අරමුණ වෙන්නේ  මිනිසුන්ගේ රැකියා රොබෝ තාක්ෂණය මගින් ප්‍රතිස්ථාපනය කිරිම නොවන අතර මෙය මුලිමනින්ම මිනිසාගේ ප්‍රයෝජනයට නිපදවා ඇති බවයි. ඒ වගේම බැංකු හා මුල්‍ය අංශය කියන්නේ මෙම තාක්ෂණය යෙදවිමේ එක් අංශයක් පමණක් බවත් ඉදිරියේදි මෙම තාක්ෂණය තවත් බොහෝ අංශවලට යෙදවිමට බලාපොරොත්තු වෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

Source :  Neon, Gizmochina, Sammobile

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara